Colombo Today Local News

කිරිඇල්ල 100දෙනකුට වාහන දීලා නිදහසේ ඉන්නවා – විමල් අසයි

වාහන භාවිතය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, මන්ත්‍රී ආශු මාරසිංහගෙන් ප්‍රශ්න නොකරන සුපිරි පොලිසිය විපක්‌ෂයේ මන්ත්‍රීන් දඩයම් කරන බවත් ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර සිය ආධාරකරුවන් 100දෙනකුට වාහන ලබාදී තිබියදීත් FCIDය ඒ පිළිබඳව සොයා නොබලන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. 

හිරගෙවල් සියයක දැම්මත් ආණ්‌ඩුව ගෙදර යවන සටන අත් නොහරින බව ද රිමාන්ඩ් භාරයේ පසුවන විමල් වීරවංශ මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ වනවිට රක්‌ෂිත බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශ මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‌ෂාව යටතේ ඊයේ පාර්ලිමේන්තු රැස්‌වීමට සහභාගි විය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් වාර්තාව පිළිබඳ විවාදයට එක්‌ව අදහස්‌ දැක්‌වූ විමල් වීරවංශ මහතා යකුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැතැයි කීය.

අසූ අට අසූ නවයේදී මීට වඩා යක්‌කු හිටියා. මේ යක්‌කු මොකුන්ද……. අපි එදා බය වුණෙත් නෑ…. අද බය වෙන්නෙත් නෑ…..” යෑයි විමල් වීරවංශ මහතා කීවේය. 

Related posts

“ආණ්ඩුව පෙරළන්න නෙවයි, මහින්දට වෙන්නෙ අඬන්න“ – අගමැති

colombotoday

බස්නාහිර පළාත අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට හේතුව

colombotoday

ජනාධිපති හා නීතිපති අතර තීරණාත්මක සාකච්ඡාවක්… අගමැති ඉවත් කිරීමට උපදෙස් පතයි

colombotoday

‘කොටි කපන වෝ’ කියා ගම ගිනි තැබූ හතකට වැඩ වරදී

colombotoday

“ආවා“ කල්ලියේ ලොක්කෙක් පාර අහුරා පොලීසියට තග දමන හැටි මෙන්න (Video)

colombotoday

නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Admin