Colombo Today Local News

ජනපති අසරණ වෙයි.. රනිල් අගමැති ධුරයෙන් ඉවත් නොකරන්නැයි බටහිර රටවල්වලින් බලපෑම්..

ඇමරිකාව ඇතුළු බටහිර ප්‍රතිගාමී බලවේග සිය ආසියානු නායකයා වන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එම ජාත්‍යන්තර බලවේගව මගින් ජනාධිපතිවරයාට බලපෑම් කරමින් තව දුරටත් බලයේ රැදී සිටිමට කටයුතු කරමින් සිටින බව ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීවේය.

කොළඹ බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී (28) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

ඔහු සඳහන් කරන්නේ නීතිය හා සාමය අමාත්‍යංශය අගමැතිවරයාට පැවැරීමද බටහිර බලපෑම හා සිදුවූවක් විය හැකි බවය.

මේ රජය පිහිටුවාගන්න 2015දී සිටම ඇමෙරිකාව ඇතුළු රටවල් කුමන්ත්‍රණය කරනු ලැබුවා. 2015 පැවැති ජනාධිපතිවරණය හා මහා මැතිවරණයේදී මෛත්‍රී රනිල් ජයග්‍රහණය කරවන්න බටහිර රටවලින් විශාල මෙහෙයුමක් දියත් කළා. ඒ මෙහෙයුම තවමත් ඉවර නෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරන්න මෛත්‍රීපාල සිරිසේන මහතාට අවස්ථාව දෙන්නේ නෑ. මේ බටහිර බලවේග රනිල් වික්‍රමසිංහ හරහා ඔවුන්ගේ බලය ක්‍රියාත්මක කරමින් නව ලිබරල්වාදය අපේ රටට ආදේශ කරන්නයි උත්සාහ කරන්නේ. මේ වැඩපිළිවෙ‍ලේදී ජනපති අසරණ කර ඇති බවද තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

Related posts

ඇමති විජේදාසට එරෙහිව ආණ්ඩුවෙන් විශ්වාසභංගයක්.. කඩිමුඩියේ අත්සන් ගනී !

colombotoday

අදත් පළාත් රැසකට තද වැසි

colombotoday

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසලට ම

colombotoday

විජයග්‍රහණයේ සැමරුම රජය අවලංගු කරද්දී යාපනය සරසවියේ කොටි සමරයි

colombotoday

දුම්රිය ගාස්තුත් හොරෙන්ම වැඩි කරලා

colombotoday

ආණ්ඩුවට එරෙහිව බැසිල්ගේ කැරැල්ල බදුල්ලෙන් ඇරඹෙයි

colombotoday