Colombo Today Local News

හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදෙස් ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේ දී අත්අඩංගුවට

විශාල හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය ධීවර යාත්‍රාවක් සැකකරුවන් 07ක් සමග ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාව සහ සැකකරුවන් මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදා ප්‍රකාශකවරයා පැවසී ය.

සමුදුර නෞකාව විසින් අදාළ යාත්‍රාව සහ සැකකරුවන් කොළඹ වරාය වෙත රැගෙන ඒමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට නියමිත ය.

මෙම හෙරොයින් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලීසිය වෙත ලද බුද්ධි තොරතුරක් මත පසුගිය දින කිහිපය පුරා සිදු කළ විශේෂ පොලිස් – නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකිනි.

Related posts

ඒකාබද්ධයේ පිරිසකට මහින්දගෙන් දැඩි දොස්මුරයක්…

colombotoday

කියපු විදියට බඩු මිල අඩුවෙන්නේ නෑ

Admin

නාවික නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ්…

colombotoday

හිටපු පා.ම ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday

විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට රක්ෂණයක්

colombotoday

එජාප මන්ත්‍රීන් 40ක් රවී සමග එක්වෙයි.. විශ්වාසභංගයට සහය දීමටනම් කොන්දේසි දමයි..

colombotoday