බණ්ඩාරවෙල, කහගොල්ල ප්රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමග ඇතිවූ ගින්නකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද අළුයම 5.30ට පමණ මෙය සිදුවී ඇති අතර තුවාල ලැබූ පිරිස් දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.
යාපනය සිට බණ්ඩාරවෙලට පැමිණි මගීන් පිරිසක් බණ්ඩාරවෙල දී මෙම බස් රථයට දියතලාව බලා යාමට ගොඩ වී තිබේ. දියතලාව හරහා හෙබරව දක්වා බස්රථය ධාවනය වී තිබේ.