Colombo Today Local News

සජිත් බෑ කියයි.. 2020 ජනපතිවරණ බිල්ලට රනිල් අලුත් මූණක් හොයයි

එළැඹෙන 2020 ජනාධිපතිවරණයේ දී එජාපයෙන් නායකත්වය ලබාගෙන එජාපය වෙනුවෙන් තරඟ කරන්න සූදානම් වෙන්න යැයි එජාපයේ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට කළ යෝජනාව ඒ මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි ‘රාවය’ පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව වාර්තා කර තිබේ.

පළාත් පාලන මැතිවරණයට පසුව ආණ්ඩුව තුළ ඇති වී තිබෙන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එජාපයේ ඉහළ පෙළේ සාමාජිකයන් එකතු වූ සිරිකොතේ පැවති රැස්වීමක දී රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කර ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

ආණ්ඩුව තුළ වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුදයත් සමග එජාපයේ නායකත්වයේද වෙනසක් කළ යුතු යැයි පක්ෂය තුළ ලොකු හඬක් නැවත මතුවී තිබෙන අතර මේ හේතුව නිසා රනිල් වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කරන්නට ඇතැයි වාර්තා වෙයි.

2005 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එළඹි 2010, 2015 ජනාධිපතිවරණ දෙකේදීම එක්සත් ජාතික පක්ෂය ජනපතිවරණයට සිය පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කළේ නැත. පවතින දේශපාලන වාතාවරණය යටතේ 2020 ජනාධිපතිවරණය ජය ගැනීමද එජාපය ට අසීරු  ඉලක්කයක් වනු ඇතැයි දේශපාලන විචාරකයන් පවසයි.

Related posts

චින හා රුමේනියා ජාතිකයන් කළ ATM මුදල් වංචාවක් හෙළි වෙයි

colombotoday

මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු මහමගට වැටුණා… කරාබු දාගත් රැවුල් වවා ගත් අයකරන අරගල ගැන මට ප්‍රශ්නයක්

colombotoday

නවයකන්ට අමානුෂික ලෙස පහර දුන් යාපනේ සරසවි සිසුන් 7කගේ පන්ති තහනම්

colombotoday

ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි

colombotoday

විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

colombotoday

ශ්‍රීලනිප ඒකාබද්ධ රහස් හමුවක්

colombotoday