Colombo Today Local News

ජයග්‍රහණය වෙනස්ම විදිහකට සැමරූ මතුගම පොහොට්ටුවේ අපේක්ෂකයා (PHOTO)

මතුගම ප්‍රාදේශීය සභාවට මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වැදි අපේක්ෂකයෙකු තම ජයග්‍රහණයේ සතුට වෙනස්ම ආකාරයකින් සමරා තිබෙනවා.

අනෙක් අපේක්ෂකයින් රතිඤ්ඤා පත්තු කරමින් විදිවලට බැස ජය ඝෝෂා නගන විට ඔහු තම ආධාරකරුවන් සමඟ මතුගම නගරය පිරිසිදු කිරීමෙන් තමයි ඔහු සතුට සමරා ඇත්තේ.

ලලිත් රණසිංහ නැමති මෙම අපේක්ෂකයා මතුගම නගරයේ කුරුල්ලන්ගේ වසුරු නිසා අපවිත්‍ර වී ඇති ස්ථානයන් සියල්ල සොදා පිරිසිදු කර තිබෙනවා.

ඒ සඳහා ඔහුට ආධාරකරුවන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ ද සහය හිමි ව ඇති අතර මෙම අපේක්ෂකයා ප්‍රාදේශීය සභාවට පත්වීමෙන් අනතුරුව දිගින් දිගටම ජනතාවට සේවය කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කර තිබෙනවා.

Related posts

බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි

Admin

ලබන මාසයේදී ඉන්ධන කෝටාව වෙනස් වෙයි

Admin

මේ ආණ්ඩුව හැදුවේ එජාප යයි.. ශ්‍රීලනිප ය පසුව ඇවිත් එල්ලුනා – මරික්කාර්

colombotoday

ඒකීය ලේබලය ඇලවූ රට බෙදන ව්‍යවස්ථාවක් – මහින්ද රාජපක්ෂ

colombotoday

පස් කන්දක් කඩා වැටී බදුල්ල – කොළඹ මාර්ගය වැසේ

Admin

ලාබෙට කාර්.. ෆ්‍රී වයි ෆයි.. වැට් බදු ගැන විමල්ගෙන් සැර කතාවක් (VIDEO)

colombotoday