Colombo Today Local News

ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පසුගිය දින දෙකේදී දීර්ඝ ලෙස උපදෙස් දුන්නා – චතුර සේනාරත්න

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජනමතය කුමක් දැයි කියා හෙලි වූ බවත්,එක්සත් ජාතික පක්ෂය හා යහපාලන අණ්ඩුව තුළ විශාල වෙනසක් සිදුවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසයි.

මෙම වෙනස එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ගම් මට්ටමේ බිම් මට්ටමේ සිටින අවසන් පාක්ෂිකයා දක්වා නිර්මාණය වී ඇති බලවේගයක් බවද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් අනෙකුත් පාර්ශව සමග සාකච්ඡා කරන අවසන් තීන්දු වලට එළඹීමට රනිල් වික්‍රමසිංහ මහතා දින කිහිපයක් ඉල්ලා සිටි බවත් අගමැතිවරයාට එම තීරණ ගැනීමට ඉඩදුන් බවත් මෙහිදී සඳහන් කළේය.

“අපි දිගින් දිගටම මේ ආණ්ඩුව තුළ හඬ නගපු බැඳුම්කරයට එරෙහිව සහ ආණ්ඩුවෙ තියෙන දූෂණ අක්‍රමිකතා, ආණ්ඩුව කරගෙන යන වැරදි වැඩපිළිවෙළට එරෙහිව ජනමතය අද ගමෙන් නිකුත් වෙලා තිබෙනවා. මම මේ රටේ සිවිල් ව්‍යාපාර නායකයෙක් හැටියට රජයේ සහ ආණ්ඩුවේ තිබිය යුතු වෙනස ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පෞද්ගලිකව පසුගිය දින දෙකේදී දීර්ඝ සාකච්ඡා වට කිහිපයක් තුළ කරුණු ගෙන හැර දැක්වූවා. ජනමතය සහ අදාළ ප්‍රතිසංස්කරණ සහ මේ ආණ්ඩුව යා යුතු අලුත් ගමන පිළිබඳ එහිදී මම පෙන්වා දුන්නා.

මේ ආණ්ඩුවේ දැන් තියෙන්නේ ජනමතය තුළින් ආණ්ඩුව තුළ සහ පක්ෂ තුළ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සිදුකරන එක. ඒක අපි මාධ්‍යයට නැතිව සදාචාරාත්මක විදියට රජය තුළ සහ පක්ෂය තුළ සිදුකළා. එම අදහ​ස රටට නෙමෙයි ආණ්ඩුවේ නායකයන් දෙදෙනාට මුහුණට මුහුණ පෞද්ගලිකව දැනුවත් කර තියෙනවා.

අගමැති ධුරයට හා එ.ජා.ප. නායකත්වය සම්බන්ධයෙන් විවිධ නම් යෝජනා වෙලා තියෙනවා. එම යෝජනා සම්බන්ධව යම්කිසි විවිරණයක් පවතිනවා. ඒ සියලු දේවල් එක්ක සුදුසුම දේ අනාගතයේදී මේ රජය තුළින් හා පක්ෂය තුළින් සිදුවෙයි. එහෙම පරිවර්තනයක් වුණේ නැත්නම් ඒකත් අපි අභියෝගයකට ලක් කරනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

ආගමික සමුළුවකට සහභාගී වීමට ඤාණසාර හිමි මියන්මාරයේ සංචාරයක.. විරාතු හිමිත් හමුවෙයි

colombotoday

ඇමරිකානු යුධ ගුවන් යානයක් ත්‍රිකුණාමළයට ගොඩබාන්න ඉල්ලයි.. එන පිරිස, කාරණය අභිරහසක් !

colombotoday

2005 ගෝඨාගේ ඡන්දය – CID යෙන් මෝසමක්

colombotoday

එජාපයේ 6ක් අද නියෝජ්‍ය ඇමති ධුරවල දිවුරුම් දෙයි

colombotoday

නව ව්‍යවස්ථාව සැකසීම පිළිබද ආණ්ඩුවේ යෝජනාව 26 දා සම්මත කිරීමට සැලැස්මක්!

colombotoday

පොහොර සහනාධාරය අහෝසි කර මුදල් ලබාදීමේ තීන්දුවට කැබිනට් අනුමැතිය

colombotoday