ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ යළි මෙරටට පැමිණියේය.
පැවති පළාත් පාලන මැතිවරණයේදී මේ වන විට නිකුත්ව අවසන්ව ඇති ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගෙන තිබෙන අතර, එළඹෙන 2020 ජනාධිපතිවරණයේදී එම පෙරමුණ නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම ස්ථීර වනු ඇතැයි වාර්තා වනවා.
ඒ සදහා සුදානම්වීමට ඇමරිකා එක්සත් ජනපදයට ගොස් තිබෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා, සිය ග්‍රීන්කාඩ් පුරවැසිභාය අහෝසි කරගැනීමට අවශ්‍ය ලියකියවිල භාර දී තිබෙන බවටද වාර්තා පළවනවා.