Colombo Today Local News

එජාප අපේක්ෂකයා දිණුවයි කියා ආධාරකරුවෝ ජය සමරති.. හූ තබමින් මහ පාරේ යකා නටති (Video)

මාවනැල්ල හෙම්මාතගම ගිනිහප්පිටිය කොට්ඨාශයේ එජාප අපේක්ෂකයකු ජයග‍්‍රහණය කර ඇති බව පවසමින් ඔහුගේ ආධාරකරුවන් අදාළ අපේක්ෂකයාගේ නිවස පිහිටා ඇති හෙම්මාතගම නගරයේ ගම්පොල මංසන්ධියේ රතිඤ්ඤා පත්තු කරමින් ප‍්‍රධාන මාර්ගය හරස් කරමින් කෑකෝ ගසමින් සහ හූ කියමින් නගරයේ ගමන් කරන රථ වාහාන මෙන්ම ජනතාවටද බධාවක් වන අයුරින් හැසිරුණු අකාරය මිට සුළු මොහොතකට පෙර දැක ගත හැකි විය.

හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයේ හෙම්මාතගම නගරයේ පිහිටි පොලිස් ස්ථානයට මිටර් 100 ක පමණ දුරින් නගරයේ ඔවුන් මෙලෙස හැසිරුණේ ජන්ද ගණන් කිරිමේ වැඩකටයුතු එම නිවස පිටුපසින් ඇති කෑ / මාව නගරගිරි මහා විදුහලේ පැවැත්වෙන අතරවාරයේදිය.

මෙම ස්ථානයට පොලිස් ජංගම රථයක් පැමිණ ආධාරකරුවන්ට අවවාද කර ගිය නමුත් එම පොලිස් ජංගම රථය එම ස්ථානයෙන් පිටත් වූ පසු ඔවුහු නැවත මාර්ගය හරස් කර කෑකෝ ගැසූහ.

Related posts

සීගිරියේ ලයිට් දැම්මේ නෑලු

Admin

හොදම අමාත්‍යාංශ දී ඇත්තේ වැඩබරි නිකමුන්ට… විදුලිය මා දන්නා විෂයක් නෙවෙයි…

colombotoday

මහින්දගේ ආශිර්වාදයෙන් ගෝඨාභය රාජපක්ෂ 2020 ජනපති සටනට !

colombotoday

ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැහැ

colombotoday

බැදුම්කර බෑණා තවත් ආයතනයක් මිලට ගනී.. සජින් වාස්ට තැන අහිමි වෙයි

colombotoday

අම්බලන්තොට දී දෙදෙනෙකු බසයට නැග කතකට වෙඩි තියලා

Admin