Colombo Today Local News

විභාග මධ්‍යස්ථාන ළඟ ඡන්ද වැඩ කළොත් අත්අඩංගුවට

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආසන්නයේ විභාග කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

විශේෂයෙන් විභාගය පැවැත්වෙන වේලාවන් තුළ ඒ ආසන්නයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අදාළ අවසර පත්ද පොලිසිය මඟින් ලබා නොදෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

විභාග මධ්‍යස්ථාන ආසන්නයේ විභාගයට බාධාවන ආකාරයට හැසිරෙන පුද්ගලයන් හා කණ්ඩායම් අත්අඩංගුවට ගෙන තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට උපදෙස් සෑම පොලිස් ස්ථානයක් වෙතම පොලිස්පතිවරයා විසින් ලබාදී ඇති බවද හෙතෙම පැවැසීය.

Related posts

බන්ධනාගාර කිහිපයකට STF ආරක්ෂාව

colombotoday

ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබේ නම බලා ගන්න වෙබ් අඩවියක්

colombotoday

ළමුන් අතර වෛරස් හා ශ්වසන රෝග වැඩිවීමක්

Admin

ගෑස් හා කිරිපිටි මිල ඉහළ යන ලකුණු

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාත්‍යන්තරයටත් යයි.. පළමු විදෙස් ශාඛාව එංගලන්තයේ පිහිටුවයි

colombotoday

හතේ අපේ පොත ගැන අවසන් තීරණය අද !

colombotoday