Colombo Today Local News

මහබැංකුවේ රහස් වාර්තාවක් පිටවේ… ෆුට්නෝට් කල්ලිය බැදුම්කර හොරු රකින්න හැදූ හැටි මෙන්න

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කල පාර්ලිමේන්තු කෝප් කමිටුවේ අවසන් වාර්තාවට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් යෙදූ පාද සටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 නොවැම්බර් 4 වැනිදා පාර්ලිමේන්තුව වෙත යැවූ වාර්තාව සමාජ ජාලාවල හුවමාරු වෙමින් පවතී.

මෙම වාර්තාව මෙතෙක් මාධ්‍ය වෙත ප්‍රසිද්ධකර නොතිබුණු අතර, මහ බැංකු අධිපතිවරයාගේ උපදෙස් මත එම වාර්තාව යොමුකරන බව එහි දැක්වේ.

එම වාර්තාව අනුව කෝප් කමිටුවේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් විසින් කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් යෙදූ පාද සටහන් සියල්ල පදනම් විරහිත බවත්, වංචනික ලෙස එම වාර්තාව හෑල්ලුවට ලක්කර රටත්, මහජනතාවත් නොමග යවා බැදුම්කර හොරුන් ආරක්ෂා කිරීමට ක්‍රියාකල ආකාරය මනාව පෙනී යයි.

ෆුට් නෝට් කල්ලියට සම්බන්ධ වූයේ පහත සඳහන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ය.

  1. ආචාර්ය හර්ෂ ද සිල්වා, (එජාප-කොළඹ දිස්ත්‍රික්ය)
  2. සුජිව සේනසිංහ (එජාප-කොළඹ දිස්ත්‍රික්ය)
  3. අජිත් සි පෙරේරා (එජාප-කලුතර දිස්ත්‍රික්ය)
  4. හර්ෂන රාජකාරුණා (එජාප-ගම්පහ දිස්ත්‍රික්ය)
  5. හෙක්ටර් අප්පුහාමි (එජාප-පුත්තලම දිස්ත්‍රික්ය)
  6. අශෝක අබේසිංහ (එජාප-කුරුණෑගල දිස්ත්‍රික්ය)
  7. අබ්දුල් හලාල් මහරුෆ් (එජාප-ත්‍රිකුණාමල දිස්ත්‍රික්ය)
  8. වසන්ත අලුවිහාරේ (එජාප-මාතලේ දිස්ත්‍රික්ය)
  9. රවින්ද්‍ර සමරවීර (එජාප-බදුල්ල දිස්ත්‍රික්ය

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ෆුට් නෝට් වංචනික කල්ලියට සම්බන්ධ නොවි බැදුම්කර වංචාවෙන් මන්දිර මුදල් සහ සන්තෝෂම් නොගත් එජාපයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වනුයේ තමන් පමණක් බව රන්ජන් රාමනායක මහතා වරක් ප්‍රකාශ කර තිබිණි.

මෙම මහා වංචාව වසන් කිරීමට එක්සත් ජාතික පක්ෂ ෆුට්නෝට් කල්ලිය අනුබල දීමක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව මගින් හෙළිවන අතර, මෙරට උත්තරිතර ආයතනය වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක් හිතාමතා කරුණු වසන් කරමින්, එම වාර්තාව විකෘති කිරීමට උත්සහා ගැනීම නිසා ඔවුන්ගේ මන්ත්‍රීධුර අහිමිවීමේ අවදානමක්ද පවතින බවට මත පලවේ.

Related posts

රැඳවුම් භාරයේ සිටින පොඩි ලැසී ගේ ආයුධ සීඅයිඩී අත්අඩංගුවට.

colombotoday

පුත්තලම මුස්ලිම් පාසලේ ගුරුවරයාට පහරදුන් සිසුන් ට ඇප

Admin

එල්ටීටීඊ තහනම පවත්වා ගෙන යායුතු බව ඉන්දියාව එක්සත් රාජධානිය ට දන්වයි

colombotoday

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට පහරදීමක්

colombotoday

දෙමළ බෙදුම්වාදීන් ඉතිහාසය පුරා ඉල්ලූ සියළු ඉල්ලීම් අලුත් ව්‍යවස්ථාවෙන් දෙන්න සියල්ල සූදානම් !

colombotoday

පාර්ලිමේන්තු විශ්වාස භංගයකින් හැර අගමැති ඉවත් කරන්න ජනපතිට බලයක් නෑ

colombotoday