Uncategorized

බිමත් උද්ඝෝෂකයෝ විදුලි පාරිභෝගික සේවා ලොරි රථය හරස් කර නිලධාරියෙකුට පහර දෙයි

බිමත්ව උද්ඝෝෂණයට සහභාගි වු තරුණයන් පිරිසක් හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට අයත් ලොරි රථය හරස් කර කාර්මික නිලධාරියෙකුට පහර දෙයි,පහර දුන් තරුණයන් තිදෙනෙකු හැටන් පොලිසිය අත්අඩංගුවට ගනි.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් විසින් (28) දින සිදු කල වැඩ වර්ජනයට සහයෝගය දක්වා හැටන් ෂැනන් වතු යායේ තරුණයන් පිරිසක් (28) දින හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ටයර් පුළුස්සා සිදු කල උද්ඝෝෂණයෙන් අනතුරුව හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ කාර්මික නිලධාරියෙකුට පහර දුන් තරුණයන් තිදෙනෙකු (29) දින සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය.

හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරින් පිරිසක් හැටන් වැලිඔය වතු යායේ විදුලි බිද වැටිමක නඩත්තු කටයුත්තක් සදහා ගොස් ආපසු හැටන් දක්වා ලොරි රථයෙන් පැමිණෙන අතරතුර උද්ඝෝෂණයට සහභාගි වි ආපසු ෂැනන් වතු යාය දක්වා යමින් සිටි තරුණයන් පිරිසක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වු වාහන වලට බාධා කරමින් එම වාහන වල රියදුරන්ට බාධා කර ඇත.

එම අවස්තාවේ හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ලොරි රථයේ ගමන් ගත් කාර්මික නිලධාරියා බිමට ඇද දමා උද්ඝෝෂණයට සහභාගි වු තරුණයන් තිදෙනෙකු පහර දි ලොරි රථයේ යතුර එම තරුණයන් විසින් රැගෙන ගොස් ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

පසුව එම ස්ථානයට ගිය හැටන් පොලිසියේ නිලධාරින් සැකකරුවෙකු අතෙහි තිබු ලොරි රථයේ යතුර රැගෙන විදුලි බල මණ්ඩලයේ සේවකයින් භාර දි ඇත.
පහර දිමෙන් තුවාල ලැබුවේ යැයි කියන හැටනි විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ කාර්මික නිලධාරියා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්,අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව වැඩිවේ

Admin

An entrepreneur shares 20 tips for traveling for free

colombotoday

පාසල් විෂයමාළාවෙන් “ආගම” ඉවතට ? “සර්වාගමික සංහිඳියා” විෂයක් ගෙනඒමේ සූදානමක්

colombotoday

අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් රැගත් ඝාරියල් කොළඹ වරායට

colombotoday

හෙල්මට් නැතුව ගිය මන්ත්‍රීට දඩ ගැහු පොලිස් නිලධාරීන්ට ගල් ගහලා

colombotoday

ආණ්ඩුකාර ධුරයේ වැඩ බාරගැනීමට පෙර මුසම්මිල් දළදා වහන්සේ වැදපුදා ගනී…

colombotoday