Colombo Today Local News

රජයට ලැබුණු ආදායම් ගිය වසර තුනේදී පිල්ලි ගහලා

වසර පනහක හැටක කාලයක් තිස්සේ සිට සෘජුවම රජයට ලැබුණ විශාල ආදායම් ප්‍රමාණයක් පසුගිය වසර තුනක කාලයක සිට පෞද්ගලික සමාගම්වලට යොමුකර ඇති බවට තොරතුරු ලැබි තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මෙය සිදුවී ඇත්තේ රජයේ හෝ කැබිනට් මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් හෝ දැනුවත් වීමකින් තොරව බවද ජනාධිපතිවරයා පැවැසීය.අනුමැතියකින් හෝ දැනුවත් වීමකින් තොරව බවද ජනාධිපතිවරයා පැවැසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ පසුගිය 26 (සිකුරාදා) වැනිදා උදෑසන මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් සමග පැවැති සාකච්ඡාවකදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රජයට සම්බන්ධව සිටින ඇතැම් පිරිසකගේ ව්‍යාපාරවලට වාසිදායක වනපරිදි ඉතා සූක්ෂම ලෙස මෙම කටයුත්ත සිදුවී ඇති බවයි.

මීට අමතරව විදේශවලින් ගෙන්වන භාණ්ඩවල මිල තීරණය කිරීමේදී සහ ප්‍රතිඅපනයනයේදී දේශපාලන අධිකාරිය හා පවතින සබඳතා අනුව සිදුවන අක්‍රමිකතා පිළිබඳවද තමා වෙත තොරතුරු අනාවරණය වී ඇති බවද පැවැසූ ජනාධිපතිවරයා එකී තත්ත්වයන් හමුවේ රට යහපත් අතට ගෙන ඒම ඉතා අසීරු කරුණක් බවද සඳහන් කළේය.

තමා බලයට පත්වූයේ දූෂණයෙන් තොර පාලනයක් රටේ ස්ථාපිත කිරීමට බවද මෙහිදී පැවැසූ ජනාධිපතිවරයා තමන් නැවත වතාවක් ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වෙනවාද නැද්ද යන්න තවම තීරණය කර නැතත් ජීවත්වන තුරාවටම මෙරට දේශපාලනයේ නිරත වීමට තීරණය කර ඇති බවද අවධාරණය කළේය.

Related posts

නීතිය නවන්න ගිය පොලිස්පතිව නීතියෙන් නවයි.. නීති විරෝධීයැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තින්දුවක්

colombotoday

සයින්දමරුදු නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවයි

colombotoday

බුදු දහමට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ නඩුව අදත් කැදවයි.. නීති උපදෙස් ඉල්ලා දෙවසරකට වැඩියි.. තාම නෑ..

colombotoday

හොරු අල්ලන්න චීනයෙන් සුපිරි කණ්ඩායමක් මෙරටට

Admin

නැවේ තෙල් කාන්දු සොයා නාවික හමුදාව කිමිදෙයි.

colombotoday

ලන්ඩන් ප්‍රහාරයේ ත්‍රස්තයන් හෙළිවෙයි.. එක් අයෙක් පාකිස්ථානුවෙක්.. ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී

colombotoday