Colombo Today Local News

ගෝඨාභය අත්අඩංගුවට නොගත් හේතුව ? – ජනපති කියයි (Video)

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට නොගත් හේතුව ජනාධිපතිවරයා ඊයේ පැහැදිලි කළේය.

ජනාධිපතිවරයා එම පැහැදිලි කිරීම කළේ ඊයේ (26 දා) ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හා කර්තෘවරුන් හමුවූ අවස්‌ථාවේදීය.

ගෝඨාභය රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට නොගැනීමට යම් යම් හේතු තිබෙනවාදැයි මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට ජනපතිවරයා පිළිතුරු දුන්නේ මෙසේය.

”ගෝඨාභය රාජපක්‌ෂ පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ගොනුව පොලිස්‌පතිවරයාට ලැබී තිබුණා. ඔහු මට ඒ බව දැන්වුවා. ගෝඨාභය රාජපක්‌ෂ පමණක්‌ නොවෙයි වෙනත් ඕනෑම දේශපාලන චරිතයකට එරෙහිව නඩු පැවරීමේදී වඩාත් හොඳින් සොයාබැලිය යුතු බව මා අගමැතිවරයාට දැනුම් දී තිබෙනවා.

ගෝඨාභය රාජපක්‌ෂ ගැන ලිපිගොනුව මට ලැබුණ දවසේ අගමැතිවරයා සිටියේ ඉන්දියාවේ. අගමැතිවරයා ඉන්දියාවට ගොස්‌ තිබුණේ එදින උදයේ මට ලිපිගොනුව ලැබුණු බව පොලිස්‌පතිවරයා දැනුම් දුන්නේ සවස.

අගමැතිවරයා ලංකාවට ආ පසු මා මේ බව ඔහුට දැනුම් දුන්නා. අදාළ ලිපිගොනුව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ලවා පරීක්‍ෂා කර ඒ පිළිබඳව තීරණයක්‌ ගතයුතු බව මා ප්‍රකාශ කළා.

ප්‍රතිඵල නැති අහක දාන නඩු පවරන්න එපා කියලයි මම උපදෙස්‌ දුන්නේ. එහෙම වුණොත් අපිට විශාල ප්‍රශ්නයක්‌.”

Related posts

පාසලක් පිටුපස ඉඩමකින් ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැසක් සොයා ගනී

colombotoday

Facebook හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙකුට වැඩ වරදි

colombotoday

අස්වැසුම අභියාචනා ලක්‍ෂය පනී… විරෝධතා 6,000ක්

Admin

පියල් නිශාන්ත කලකිරෙයි

Admin

“අතීතයට ශාප කිරීම අවශ්‍ය නෑ, මා රට හදන්නම්” ජනපති ගෝඨාභයගෙන් ඓතිහාසික කතාවක්

colombotoday

චීනයෙන් ඩොලර් බිලියක ණයක් ඉල්ලයි

colombotoday