Colombo Today Local News

පෙට්‍රල්වලින් භූමිතෙල් ගද වහනය වන බවට රට වටෙන් පැමිණිළි.. IOC බාල තෙල් තොගය හොරෙන්ම ගොඩබෑවාදැයි සැක

ඉන්දන පිරවුමිහල් වලින් ලබා ගන්නා පෙට්‍රල්වල භූමිතෙල් ගද වහනය වන බවට පාරිභෝගිකයන්ගෙන් තෙල් සංස්ථාවට පැමිණිළි ලැබි ඇති අතර ඊට හේතුව ප්‍රමිතියෙන් බාල පෙට්‍රල්තොගයක් ආනයනය වී ඇති බවට සැක මතුව තිබේ.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ 16 වෙනිදින ලංකා ඉන්දියන් තෙල් සමාගම ආනයනය කරන ලද පෙට්‍රල් මෙක්ට්රික්ටොන් තිස්දහසක් අවස්තා දෙකකදී නියමිත ප්‍රමිතියට නොමැති බවට ප්‍රතික්ෂේප වු අතර පසුව ටොමි ඇස්ටරිඩි ( TOMR ASTRID) නැමති එම නැව නොවැමිබර් 02 දෙනි සිට දෙසැමිබර් මාසයේ මැද භාගයක් යන තෙක් මාස එක හමාරකට අධික කාලයක් එහි නැංගුරන්ලා තිබිණි.

පසුව එම නැවේ පෙට්‍රල් තොගය හොර රහසේ නැවත කොළඹ වරායෙන් කොළොන්නාව තෙල් ටැංකිවලට ගොඩ බැවේද යන්න පිලිබද සේවකයින් අතර සැකයක් මතුව තිබේ.

එසේ භුමිතේල වහනයන බවට පැමිණිළි ලැබු ඉන්ද පිරවුම්හල්වල සාමිපල පරික්ෂා කර ඇතත්ත එවායේ පෙට්‍රිල් නියමිත ප්‍රමිතියට පවතින බව තෙල් සංස්ථා ආරංච් මාර්ග සදහන් කරයි.

සාමාන්‍යයෙන් ඉන්දනවල තිබිය යුතු උපරිම හා අවම සංගටක වල ප්‍රමාණය අනුව අවම සංගටක ප්‍රමාණයට මෙම ඉන්දනවල පිහිටිම නිසා මෙසේ භූමිතෙල් ගද වහනය වන බව වාර්තා වේ.

සත්හඩ

Related posts

මහින්ද අගමැති ලෙස පිලිගනිමින් කතානායකගෙන් නිවේදනයක්…

colombotoday

සිංහල පක්‍ෂදේශපාලකයින් කිරි පෙවූ ලංකාවේ ඉස්ලාම් ව්‍යාප්තවාදය

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

colombotoday

බූස්ස සතොස ගබඩාවට ඇමති බන්දුල කඩා පනී..|කළමනාකරුගේ වැඩතහනම්.

colombotoday

‘සොජිට්ස්’ බලාගාරය අක්‍රීය වෙයි. ඉන්ධන නෑ

colombotoday

පවුල් ආරවුලක් නිසා සැමියා බිරිඳ ඝාතනය කරයි

Admin