Colombo Today Local News

මාතර නගරයේ ඉතිහාසය වෙනස් කල විරෝධතාකරුවන්

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ගෙදර යන්නැයි බල කරමින් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් අද (28)දින මාතර නගරයේ දී පැවැත්විණි.

ඉතිහාසයේ මේ දක්වා මාතර නගරයේ විරෝධතාවයකට සහභාගී වු වැඩිම පිරිස එය බව පොලිස් බුද්ධි අංශ පෙන්වා දෙයි.

මාතර නීතිඥ සංගමයේ සභාපතිනී ප්‍රියානි රත්නායක මහත්මිය ඇතුළු මාතර අධිකරණ සංකීර්ණයේ නීතිඥ මහත්ම මහත්මීන් උදෑසන 9.30 ට පමණ මාතර සනත් ජරසූරිය ක්‍රීඩාංගනය ඉදිරිපිට ගෝඨාගෝගම පරිශ්‍රයට පැමිණ විරෝධතාවය ආරම්භ කළ අතර ඊට බැංකු නිලධාරීන්ද එක්ව සිටියහ.

පසුව රුහුණ විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිතිවල අධ්‍යන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා මහා ශිෂ්‍ය සංගමය වැල්ලමඩමේ සිට විරෝධතා පා ගමනකින් මාතර නගරය වෙත පැමිණියේය.

ග්‍රාම නිලධාරීන්,සමෘද්ධි නිලධාරීන්,ගුරු,විදුහල්පති,ජල,විදුලි,සෞඛ්‍ය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවක සේවිකාවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යුත් තවත් විරෝධතා ව්‍යාපාරයක් මාතර නූපේ මංසන්ධියේ සිට ගාලු පාර ඔස්සේ මාතර නගරයට ළඟා විය.

මේ නිසා මාතර නගරය එකම හිස් ගොඩක් බවට පත්ව තිබු අතර මාතර- කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබුණි.

ගාලු පාරේ එක් මංතීරුවක් විරෝධතාකරුවන්ගෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබු නිසා පොලීසිය එක් මංතීරුවකින් වාහන ගමනාගමනය සිදු කිරීමට පියවර ගත්තේය.

මාතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් ද පාසල් වලට නොපැමිණීම නිසා පාසල් පාලුවට ගොස් තිබුණේය.

Related posts

පාස්කු විමර්ශන සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් කෙනෙක් අත්අඩංගුවට

Admin

පොලිස් ප්‍රහාරයෙන් ආබාධිත රණවිරුවාගේ අනිත් ඇසත් අන්ධ වේ.. ආබාධිත බිරිද මාධ්‍ය හමුවේ හඩා වැටෙයි

colombotoday

අහුන්ගල්ලේ හෝටලයක චන්ද්‍රිකා රහස් කතාවක !

colombotoday

මහ බැංකුවෙන් පොලී අනුපාත ගැන දැනුම් දීමක්

colombotoday

හිටපු උප සභාපතිවරයෙකුගේ නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන

Admin

ඥාණසාර හිමිට ජපානයේදී ජනපති හමුවෙයි

colombotoday