Colombo Today Local News

මහින්දානන්ද නිදහස්.. අල්ලස් කොමිසම චෝදනාව ඉල්ලා අස්කර ගනී

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට කැරම් බෝඩ් ඇතුළු ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකෙළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා ඇමැති සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කළ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව අලුත්ගමගේ මන්ත්‍රිවරයා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.

එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසය.

ඒ අනුව චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරයා විත්තිකාර අලුත්ගමගේ මන්ත්‍රිවරයා නිදහස් කිරීමටද නියෝග කළේය. මෙම නඩුවට අදාළව අලුත්ගමගේ මන්ත්‍රිවරයාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන බවත් ඒ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන බවත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

පසුගිය රජය සමයේ පාසල් අතර බෙදාදීම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට කැරම් බෝඩ් ඇතුළු ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබිණි. වසර දෙකකට ආසන්න කාලයක් මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අතර ඉන් අනතුරුව එය ඉල්ලා අස්කර ගැනීමට එම කොමිසම පියවර ගෙන තිබේ.

Related posts

මන්නාරමදී කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

ඩුප්ලිකේෂන් මාර්ගය යළි ඇරේ..

Admin

මීගවුව උසාවිය අසල වෙඩි සෙල්ලම් දැමූ දෙදනා මාට්ටු

colombotoday

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට

colombotoday

කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළට

colombotoday

හජ් දා ඝාතනය කළ ගවයන්ගේ ලේ දින දෙකක් පුරා වැල්ලවත්ත ඇළ දිගේ ගලයි !

colombotoday