Colombo Today Local News

අන්තර්වාර රජයකත් අගමැති මම. එකාට එකා නැතිව අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කොහොමද?

අන්තර්වාර රජයකත් අගමැතිවරයා තමා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

කෙසේ වෙතත් එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කෙසේදැයි අගමැතිවරයා ප්‍රශ්න කළේ‍ය.

තමාට ඉවත්වන්නැයි ඉල්ලා ඇත්තේ ඉතිහාසය ගැන නොදන්නා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් බවත් මන්ත්‍රීවරුන් බහුතරයක් තමා සමග සිටින බවත් ඔහු කීවේය.

කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන්ට සාකච්ඡා සඳහා තමා නැවත වතාවක් ආරාධනා කරන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා එසේ නොපැමිණෙන්නේ නම් ඔවුනට දිගටම අරගල කරමින් සිටීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.

රට යම් අසීරු තැනක තිබෙන බව තමා පිළිගන්නේ යයිද අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇතැයිද රාජපක්ෂ මහතා පැවසීය.

රට මීට වඩා අර්බුදවලට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබූ බව ඔහු වැඩිදුරටත් කීවේය.

Related posts

ෆාමසියෙන් ගත් බෙහෙත් බී කතක් මියයාම ගැන විමර්ශන අරඹයි

Admin

වනාතවිල්ලුවේ දැවැන්ත වන සංහාරය

colombotoday

මම තවම ගැහුවෙ එක තුරුම්පුවයි.. ඉතිරි ටික 14 වෙනිදා බලාගමු…

colombotoday

ත්‍රීරෝද රියෙන් ඇවිත් මහ මගදී වෙඩි තබා පැන යයි.. හමුදා කෝප්‍රල්වරයෙක් රෝහලට

colombotoday

රාජිත රැකගන්න රවී පෙරමුණ ගනී !

colombotoday

අලි සබ්රි ගේ මල්ලි තෙල් සංස්ථා පරිශ්‍රයේ මුස්ලිම් පල්ලියක් හදන්න යයි. ඥානසාර හිමි කොලොන්නාව තෙල් ගබඩාවට යයි

colombotoday