Colombo Today Local News

ඇමති ගෝලයෙකුගෙන් බලපෑම්.. පාරිභෝගික අධිකාරිය, පාරිභෝගික පැමිණිලි විභාග කිරීම නවතයි

පාරිභෝගික කටයුතු අධිකාරිය පාරිභෝගික පැමිණිලි විභාග කිරීම මේවන විට නවතා දමා ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. සුදුසුකම් සපුරා නැති, ඇමතිවරයාගේ ගෝලයෙකුගේ ක්‍රියාකලාපය මීට හේතුවී ඇති බව එම ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

පාරිභෝගික කටයුතු අධිකාරිය පාරිභෝගික පැමිණිලි විභාග කිරීම නවතා දැමීමෙන් පාරිභෝගිකයන්ට හිරිහැර.

පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වනවිට පාරිභෝගික පැමිණිලි විභාග කිරීම නවතා දමා ඇත. මීට පෙර දිනකට පාරිභෝගික පැමිණිලි 15 ක් පමණ විභාහ කල අධිකාරිය මේ සතියේ සිට කිසිදු පැමිණිල්ලක් විභාග කර නැත. පාරිභෝගික පැමිණිලි සදහා අධිකාරිය වෙත කැදවා තිබුණු පාරිභෝගිකයන්ද නවතා හරවා යවා ඇත.

මීට පෙර දිස්ත්‍රික් කාර්යාල වලින් පාරිභෝගික පැමිණිලි විභාග කලද ඒවා නවතා දමා සියලු පැමිණිලි විභාග කිරීම ප්‍රධාන කාර්යාලයේදී පමණක් කරන ලදී. මේ නිසා දුර පළාත් වලින් පැමිණෙන පරිභෝගිකයන්හ‍ට විශාල මුදලක් වැය කිරීමට සිදුවිය.

මෑත කාලයේදී පාරිභෝගික අධිකාරියට පූර්ණ කාලීන සාමාජිකෙයක් ලෙස පත් කරන ලද විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ සහ පූර්ණකාලීන සමාජිකයෙක් වීම සදහා වන සුදුසුකම් සපුරා නැති එහෙත් පූර්ණකාලීන සමාජිකයෙක් ලෙස පත්කර ඇති පුද්ගලයකුගේ ක්‍රියාකලාපය පාරිභෝගික පැමිණිලි විභාග කිරීම නවතා දැමීමට හේතු වී ඇත.

ඇමතිවරයාගේ ගෝලයකු වන සුදුසුකම් නොමැති පුද්ගලයා ව්‍යාපාරිකයෙකු වන නිසා හා වෙනත් ව්‍යාපාරිකයින්ගේ පෙළඔවීම මත පාරිභෝගිකයින් විසින් පාරිභෝගික අධිකාරියට කරනු ලබන පැමිණිලි නැවත්වීම සදහා පාරිභෝගික පැමිණිලි විභාග කිරීමේ පටිපාටිය වෙනස් කර ඇත.

පාරිභෝගික කටයුතු අධිකාරී ව්‍යාපාරිකයින් ගෙන් මුදා ගැනීම සදහා රජය කටයුතු කළ යුතුය. නැතහොත් පාරිභෝගික කටයුතු අධිකාරියේ නම ව්‍යාපාරිකයින් ආරක්ෂා කිරීමේ අධිකාරිය යනුවෙන් වෙනස් කල යුතුය.

ජනාධිපතිතුමනි පාරිභෝගික අධිකාරියට එරෙහි ක්‍රියාන්විතය ඉක්මනින් අරඔන්න.

රංජිත් විතානගේ – සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

චම්පිකගේ ගෝලයා ගුණරත්න වන්නිනායක රිෂාඩ් බේරන්න ගොඩ පෙරකදෝරුකම් දෙයි

colombotoday

හුසේන්ලාට අමතක වූ, සංහිදියාවේ නාමයෙන් යටපත් කරන්න හදන “ලයන් එයාර්“ යුධ අපරාධය

colombotoday

ජවිපෙන් මාරාන්තික ප්‍රහාරයක්.. රාජිත පිය පුතු දෙපළ හාන්සියි !

colombotoday

වෙඩිතැබීමක් කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීට ඇප

Admin

මෙරටින් පැහැරගෙන ගිය පුරා වස්තු යළි දෙන්නැයි බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නෑ – ජාතික ජනබලවේගය ජනපතිට දන්වයි..

colombotoday