Colombo Today Local News

ඡන්දය ඉවරවනතුරු කසිප්පු වඩියක් පෙරාගන්න ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ පොලිසියෙන් ඉල්ලති

මැතිවරණය අවසන් වන තුරු පමණක් තම කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් පෙරා ගැනීමට අවසර දෙන්නැයි මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන පෙළේ පක්ෂයක අපෙක්ෂකයෙකු ගලෙන්බිදුණුවැව පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු මෙම ඉල්ලීම කර තිබෙන්නේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ මැතිවරණ අපේක්ෂක කාර්යාලයක් පිටුපස නීති විරෝධී මත්පැන් පෙරීමක් සිදුවන බවට ලැබුණු පැමිණිල්ලක් අනුව එම ස්ථානය වැටලීමට පොලීසිය ගිය අවස්ථාවේදීයි.

රැය පහන්වන තුරුම ආධාරකරුවන් තම පක්ෂ කාර්යාලයේ රැඳී සිටිමින් උදව් උපකාර කරන්නේ මත්පැන් සංග්‍රහ පවත්වන්නේ නම් පමණක් බවද අපෙක්ෂකයා පොලිසිය සමග පවසා තිබේ.

මේ දිනවල කසිප්පුවලට තිබෙන අධික ඉල්ලම හේතුවෙන් මැතිවරණ අපෙක්ෂකයන් කුලීකරුවන් යොදවා කසිප්පු පෙරණ බව පොලිසිය පවසයි. පවතින තත්ත්වය යටතේ මෙබඳු කසිප්පු සංග්‍රහ නොපවත්වන්නේ නම් මෙවර මැතිවරණයෙන් දිනීමට අපහසු බැවින් ප්‍රධාන පක්ෂවල අපේෂකයන් අවශ්‍ය බඩුබාහිරාදිය සහ උපකරණ ලබා දී විවිධ පුද්ගලයන් ලවා කසිප්පු පෙරණ බවත්, මැතිවරණ දිනය තෙක් පමණක් ඒ සඳහා අවසර ලබා දුනහොත් මැතිවරණයෙන් බලයට පත් වූ පසු පොලිස් නිලධාරීන්ට ද හොඳින් සලකන බව ඔවුන් පැවසූ බවද පොලිස් නිලධාරීන් පවසති.

Related posts

මංගලගේ අභිරහස් ඉන්ධන මිල සූත්‍රය ජනපති නියමයෙන් ඉවතට ?

colombotoday

මචං උඹලගේ අන්තවාදී සෙට් එක මරාගෙන මැරෙන්නේ ගෑනු හින්දා – තාත්තට කියලා දීපං – BBC මාධ්‍යවේදී අසාම් අමීන්ට පේෂල කියයි

colombotoday

බදියුදීන් බිලියන ගණනක් රටින් පිට කිරීමේ සූදානමක !!

colombotoday

ජනපති අයවැය නැවත වෙනස් කර විදුලි කාර් බදු ඉවත් කරයි… ඇමති රවී කැබිනට් නොඑයි

colombotoday

නවක හෙද හෙදියන් 2,519කට අගමැතිගෙන් පත්වීම්

Admin

අදත් රුපියල් දෙකකින් අවප්‍රමාණය වේ… ඩොලරය 170 පන්නයි…

colombotoday