Colombo Today Local News

අපේ උන් ආපු ගමන් කෙලගෙන කෙලගෙන ගියා.. අපේ උන් හොරකම් කරා.. ඒක තමයි ඇත්ත – රන්ජන්

අවුරුදු විස්සක් විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ අය ආණ්ඩුව ලබාගත් සැනින් සොරකම් කිරීමට පටන් ගත් බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් අමතමින් නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ කියා සිටියේය.

“අපේ එවුනුත් ලේසි නෑ. අවුරුදු විස්සක් හිටියේ විපක්‍ෂයෙනෙ. ඒ හන්ද කෙලගෙන කෙලගෙන ගියා. ඒක තමයි ඇත්ත කතාව.

මට හෙට ආසනේ නැතිවුණත්, මාව පක්‍ෂයෙන් එලෙවුවත්, බැදුම්කර හොරකමක් සිද්ද වුනා. ඒක තමයි ඇත්ත කතාව.

බොරු කියන්න බෑ. මුඛ පිලිකා එනව. අපේ අයත් හොරකං කලා. ඒක තමයි ඇත්ත.

එතකොට ඒ හොරු අල්ලන එක මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ යුතුකමක්. ඡන්ද පොරොන්දුවක්. ජනාධිපති කොමිසමක් දාල ඒ හොරු අල්ලන්න අද මූලික පියවර අරන් තියෙනව.

මම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් ඇතුළු සියළු දෙනාගෙන් ඉල්ල හිටින්නෙ මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා ඒක ගැටුම් ඇති කරගන්න අවශ්‍ය නෑ. මේ අපේ ජනාධිපති. එතුමා දින්නෙ අපේ ඡන්දවලින්. අපි ඇයි මෛත‍්‍රිපාල ජනාධිපතිතුමාව අර පරණ හොරු ටික ළගට තල්ලු කරන්නෙ. එහෙම කරන්න හොද නෑ’

Related posts

දැනටත් අගමැති මමයි.. පුලුවන්නම් බහුතරය පෙන්වන්න – අගමැතිගෙන් ජනපතිට අභියෝගයක්

colombotoday

ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

colombotoday

වරාය නගර කෙටුම්පත වැඩි චන්දයෙන් සම්මතයි.

colombotoday

විජයග්‍රහණ හමුදා පෙළපාලි නෑ.. අඩු වියදම් සංස්කෘතික සංදර්ශනයක් සහ බත්තරමුල්ලේදී රණවිරු සැමරුමක් පමණයි

colombotoday

මහාවංශය ලෝක මතක ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරයි

Admin

රු. බිලියන 150ක් රජයට පාඩුකරලා..! ඇමති කබීර්ට එරෙහිව අල්ලස් දූෂණ කොමිසමේ පැමිණිලි

colombotoday