ජනාධිපතිවරයාට රජයට සහ ඉන්ධන මිළ ඉහළ දැමීමට විරෝධය පළකරමින් බදුල්ල – චෙන්කල්අඩි පස්සර ප්රධාන මාර්ගයේ 7කනුව ප්රදේශයේ දී මාර්ගය අවහිර කරමින් ජනතාව අද (20)පෙරවරුවේ උද්ඝෝෂණය කළහ.
මාර්ගයේ රථ වාහන ධාවනය නවතා මාර්ගය මැද ටයර් පුච්චමින් මෙසේ ජනතාව උද්ඝෝෂණය කිරීම නිසාවෙන් රැකියාවට, රෝහල්වලට සහ පාසල් යන සිසුන් ද දැඩි අපහසුතාවට පත්ව සිටියහ.