අද (19) සහ හෙට (20) පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා විදුලි බල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව A සිට L දක්වා කලාපවලට අයත් ප්රදේශවලට සහ P සිට W දක්වා කලාපවලට අයත් ප්රදේශවලට උදෑසන 9 සිට සවස 05 දක්වා පැය 02 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
ඊට අමතරව සවස 5 සිට රාත්රි 9 දක්වා පැය 1යි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම පැවසී ය.