Colombo Today Local News

බස් ධාවනය නොවිමෙන් මගිහූ යකා නටති. – හැටන් බස් නැවතුම්පොලේ පාලනය මගින් අතට.

සිපෙට්කෝ ඉන්ධන මිලත් වැඩි කිරිම නිසා එයට විරෝධය පාමින් හැටන් බස් නැවතුම්පොලේ සිට දිනපතා ධාවනයට එක් කරන දුර සේවා ලංගම සහ පෞද්ගලික බස් රථ (19) දින උදැසන සිට ධාවන කටයුතු වලින් ඉවත් විම නිසා මගි ජනතාව හැටන් බස් නැවතුම්පොලේ නොසන්සුන්කාරි ලෙස හැසිරිණ.

කොළඹ , මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා රක්ෂා සහ පෞද්ගලික ගමන් බිමන් යාමට පැමිණි මගින් පිරිස හැටන් බස් නැවතුම්පොලින් දුර සේවා කිසිදු බස් රථයක් ධාවනය නොවිම නිසා මෙසේ කලහකාරි ලෙස හැසිරෙමින් හැටන් බස් නැවතුම්පොලේ සිට කෙටිදුර ධාවනය සදහා ධාවනය කරවන කිසිදු බස් රථයකට ධාවනය කිරිමට ඉඩ ලබානොදි මගින් සියළු දෙනා ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයට බාධා කෙරිණ.

විරෝධතාවයේ නියැලි මගි ජනතාව කියා සිටියේ තම ගමන් බිමන් යාමට අවශ්‍ය ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනයට එක් කරන ලෙසයි.
ලංගම බස් රථ රියදුරන් කියා සිටින්නේ තම බස් රථවලට පිරිසක් බාධා කිරිම හේතුවෙන් තමන් ධාවන කටයුතු වලින් ඉවත් වු බවයි.

පෞද්ගලික බස් රථ හිමියන් කියා සිටින්නේ ඉන්ධන මිල වැඩි විම හමුවේ තම බස් රථ ධාවනය කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

දේශපාලනය නොකරන ජනපති පුත් මනෝජ්ගේ නිවස ඉදිරිපිටත් විරෝධතා

colombotoday

යහපාලන රජයේ තිබෙන්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයක් – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

යෝෂිත රාජපක්ෂ CIDයට

Admin

මත් කරල් හා ගබ්සා පෙති තොගයක් සමග පල්ලිමුල්ලේ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

colombotoday

ජනපති දුන් දේශමාන්‍ය සම්මානය ආපසු හරවා එවයි…

colombotoday

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය අද කතානායකට… විරුද්ධවන සියල්ලම දේශද්‍රෝහීන්….

colombotoday