Colombo Today Local News

ගෑස් හා ඉන්ධන ඉල්ලා නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගය කොටගල නගරයෙන් හරස් කරමින් විරෝධතාවයක

ගෑස් හා ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් නුවරඑළිය- හැටන් ප්‍රධාන මාර්ගය කොටගල නගරයෙන් හරස් කරමින් වතු කම්කරුවන් ඇතුළු ජනතාව විශාල පිරිසක් අද (19) විරෝධතාවයක නිරතවුහ.

ගෑස් සිලින්ඩර් මාර්ගය හරහා තබා මාර්ගය හරස් කරමින් ජනතාව මෙසේ ගෑස් හා ඉන්ධන ඉල්ලා විරෝධතාවයේ නිරතව සිටියදී එම ස්ථානයෙන් ගෑස් සිලින්ඩර් ප්‍රවාහන ලොරි රථයක් නුවරඑළියට ගෑස් ලබාදීම සදහා යාමට පැමිණීමත් සමග විරෝධතාකරුවන් එම ලොරි රථය වටකරමින් නවතා කෑගසමින් ගෑස් ලබා දෙන ලෙස ඉල්ලා සිටීමත් සමග දැඩි නොසන්සුන්තාවයක් ඇතිවාය.

ජනාධිපතිවරයාට හා රජයට එරෙහිව විවිධ සටන් පාඨ කියමින් ජනතාව මෙසේ විරෝධතාවයේ නිතරව සිටි අතර පසුව දිඹුලපතන පොලීසියේ ස්ථාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පැමිණි එම ස්ථානයේ තිබු ගෑස් ලොරියෙන් ගෑස් සිලින්ඩර් 60 ක පමණ ප්‍රමාණයක් කොටගල නගරය හා ඒ අවට ජනතාවට බෙදාදීමට පියවර ගන්නා ලදි.

පැය තුනකට අධික කාලයක් මාර්ගය අවහිර කරමින් පැවැති විරෝධතාවය ඉන් අනතුරුව අවසන් කරන ලද අතර මේ හේතුවෙන් නුවරඑළිය- හැටන් ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ල වී පැවැතිණි.

කොටගල ඉන්ධනහලින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි රථ වාහනද එම ස්ථානයේ මාර්ගය දෙපස නවතා තිබු අතර, එම රථවාහනවල පැමිණි පිරිස් හා රියදුරන්ද මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

ක්‍රිෂාන්තන්

Related posts

“ටික් ටෝක්” එකේ සිදුකල කොටි සැමරුම්

colombotoday

අතේ පත්තු වුන ජනාධිපති ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය – විශේෂ අනාවරණය

colombotoday

දෙයියන්ගෙම පිහිටයි: කඩා වැටුණු පාලම හැදූ ඉන්දීය සමාගම ලංකාවෙත් මහල් නිවාස හදයි!

colombotoday

අතුරුදන් වූ ඇලෝසියස් බැදුම්කර කොමිසමට එයි (Video)

colombotoday

නාමල්ගේ කාර් එකක් FCID අත්අඩංගුවට ගනී !

colombotoday

මංගලගෙන් අගරදගුරුතුමන්ට දරුණු ප්‍රහාරයක්…

colombotoday