ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට අගමැති රනිල් වික්රමසිංහ මහතා සමත් වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී නිලින් බණ්ඩාර මහත් පවසයි.
“අද බුලත් කොලේ දෙකට ඉරල තියනවා. අද ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩල තියනවා. කාගෙද මොළේ, රනිල්ගෙ මොළේ.. ඉස්සෙල්ලාම රාජපක්ෂ මහත්තයා ගෙදර ඇරියා.. ඊට පස්සේ පක්ෂය දෙකට කඩල දැම්මා“ යැයිද ජනහමුවක් අමතමින් හෙතෙමෙ කියා සිටියේය.