Colombo Today Local News

ජනපතිගේ බැදුම්කර ප්‍රකාශය මහ ප්‍රෝඩාවක්.. රටම අන්දන්න ලේකම්වරයෙක් ලියූ ප්‍රබන්ධයක් !

බැඳුම්කර කොමිසම විසින් සකස්කළ වාර්තා ජනතාවට බලා ගැනීමට අවස්ථාව ලැබෙන තෙක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ පිළිබඳව කළ ප්‍රකාශය පිළිනොගන්නා ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔවුන් පවසන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලේකම්වරයෙක් විසින් බැඳුම්කර වාර්තාව අතිශයෝක්තියක් ගෙන දෙන ආකාරයටත් ජනතාව සතුටු කිරීමේ ආකාරයටත් රචනා  කර ඇති බවයි.

ජනපතිගේ ලේකම්වරුන් ජනපතිවරයා නොමග යවා හෝ ජනතාව නොමග යැවීමට උත්සාහ කර ඇති බවත් එම සංවිධානය සඳහන් කරයි.

මාධ්‍ය නිවේදනය

බැදුම්කර ගනුදෙණුව පිළිබද වාර්තාව හා ජනාධිපතිවරයා ඒ පිළිබදව කළ ප්‍රකාශය අතර පරස්පරයක් .

මාස දහයක පමණ කාලයක් පරීක්ෂණ පැවැත් වූ ජනාධිපති බැදුම්කර විමර්ශන කොමිසමේ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට භාරදෙන ලදී. එම වාර්තාව උපයෝගී කරගෙන ජනාධිපති වරයා විසින් කරන ලද ප්‍රකාශය පිළිබද සැකයක් අප සංවිධානය වෙත මතුවී ඇත.

විශේෂයෙන්ම ජනාධිපති වරයාගේ ලේකම්වරයෙකු විසින් අදාල විමර්ශන වාර්තාව අතිශෝක්තියක් ගෙනදෙන ආකාරයට රචනාකර ඇති බව පෙනීයන අතර  එසේ කර ඇත්තේ ජනතාව සතුටු කිරීම සදහාය. නීතිපතිවරයා කටයුතු කරනුයේ ජනාධිපති වරයාගේ ප්‍රකාශයට අනුව නොවන අතර ජනාධිපති බැදුම්කර විමර්ශන කොමිසමේ වාර්තාවට අනුවය. නඩු පවරන්නේ ද ඒ අනුවය.

එම නිසා ජනාධිපතිවරයා විසින් වහාම ජනාධිපති බැදුම්කර විමර්ශන කොමිසමේ වාර්තාව ජනතාවට බලා ගැනීම සදහා ප්‍රසිද්ධ කලයුතුය. එසේ කරනතුරු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිනොගන්නා ලෙස ජනතාවගෙන් අප ඉල්ලා සිටින අතර ජනාධිපතිතුමාගේ ලේකම්වරුනට කීමට ඇත්තේ ජනතාව ගොනාට ඇන්දවීමට උත්සහ කරන විට ඔබලා නිකම්ම ගොනාට ඇන්දෙන බවයි. එසේත් නැතිනම් ඔබලා ජනතිපතිවරයා නොමග යවා ඇති බවයි.

මෙයට, විශ්වාසි රංජිත් විතානගේ –

සභාපති, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය.

අප කල විමසීමකදී වැඩිදුරටත් කරුණු දැක්වූ විතානගේ මහතා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන බන්කලොත්බාවය වසාගැනීම සදහා අනෙකුත් දේශපාලකයන් බිල්ලට දීමේ නින්දිත උත්සහයක නිරතවෙමින් සිටින බව දක්නට ලැබෙන බව ප්‍රකාශ කර සිටියා.

බැඳුම්කර වාර්තාව සහ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අතර දැඩි පරස්පරතාවයක් ඇති බවට සැක කෙරෙන බවද රන්ජිත් විතානගේ මහතා සදහන් කර සිටියේය.

 

Related posts

යහපාලන සමයේ පෙළපාළි වලට ගැසූ පොලිසියට ලක්ෂ 26ක් තෑගි

colombotoday

චන්ද්‍රිකාගේ තාත්තට අක්කර 3000ක් හම්බවුනේ සුද්දට සිංහල ගෑනු ගෙනත්දෙන පිම්පි වැඩ කරලා – රන්ජන්ගේ හෙළිදරව්ව

colombotoday

හිටපු ජනපති නන්දසේන ලබන 24දා යළි දිවයිනට

colombotoday

ජනපතිගේ නිර්දේශය මුදල් ඇමති කුණු කූඩයට දමලා !

colombotoday

ලසන්ත වික්‍රමතුංගගේ සිරුර 27දා යළි ගොඩ ගන්න නියෝග

colombotoday

දුමින්ද නාගමුව සමග 10 දෙනෙකු අත්අඩංගුවට

colombotoday