ශ්රී ලංකා මහ බැංකු බැදුම්කර නිකුත් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විශේෂ ප්රකාශයක් අද දින සිදු කිරිමට නියමිතව තිබේ.
ජනාධිපති විමර්ශන කොමිසම් සභාව විසින් ලබාදී ඇති වාර්තාවට අනුව ක්රියාත්මක කිරිමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදී ප්රකාශ කිරිමට නියමිත බව වාර්තා වේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂය සියළු ආසන සංවිධායකවරුන් අද 03 කොළඹට කැදවා ඇත. ඒ අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන් විශේෂ සාකච්ඡාවක් සදහායි.
ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් එහිදි වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිත බවද පැවසේ.