Colombo Today Local News

“මත්පැන් බොන අයට ඡන්දය දෙන්න එපා” – ජනපති

මත්පැන් පානය කරන්නන්ට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනපතිවරයා මේ කරුණු අනාවරණය කළේ පෙරේදා (30 දා) පොළොන්නරුව පළුගස්‌දමන ප්‍රදේශයේ පැවැති ජනහමුවක්‌ අමතමිනි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කිසිදු අපේක්‍ෂකයකුට කුමන පක්‍ෂයක්‌ නියෝජනය කළද ඡන්දය ලබානොදෙන ලෙස මෙහිදී ජනතාවට පැවසූ ජනාධිපතිතුමා රටට සහ මතු පරපුරට ආදර්ශයක්‌ ලබාදිය හැකි මහජන නියෝජිතයන් පිරිසක්‌ රටට සහ ගමට තෝරා පත්කරගත යුතු බවද අවධාරණය කළේය.

අද රට හමුවේ පවතින ප්‍රධාන අභියෝගයක්‌ බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුරෙන් සමාජය ගලවා ගැනීම සඳහා මෙවර මැතිවරණයට ඉදිරිපත් වන කාන්තා නියෝජිතවරියන් ඒකරාශී කර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණ බළකායක්‌ ගොඩනැඟීමට කටයුතු කරන අතර, අද රටේ කීර්තිනාමයට දැඩි හානියක්‌ව පවතින සියදිවි නසා ගැනීම්, වැළැක්‌වීම සඳහා තරුණ නියෝජිත නියෝජිතවරියන් ඒකරාශී කර ගනිමින් වැඩසටහනක්‌ ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

Related posts

නාමල් රාජපක්ෂට තවත් තනතුරක්

colombotoday

විදුලි ගාස්තු මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… ක්‍රියාත්මක කරන කාල රාමුවක් ගැන නිශ්චිත තීරණයක් නැහැ

Admin

හාමුදුරුවරු දෙනමක් හා ජනාධිපතිලා දෙන්නෙක්. | ගෝඨාභය බුද්‌ධ ශාසනයට කරණ අසාධාරණය

colombotoday

20 සංශෝධනය – කමිටුවේ වාර්තාව අගමැතිට

colombotoday

හඩ්සන් සමරසිංහ මුස්ලිම් සමාජයෙන් ප්‍රසිද්ධියේ සමාව ගනී

colombotoday

වවුනියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය සභාව – ප්‍රතිඵලය මෙන්න

colombotoday