Colombo Today Local News

ඉන්ධන තොග රැස් කර වැඩි මිලට විකිණු 68කට වැඩ වරදී

ඉන්ධන රැස්කර බලපත්‍ර නොමැතිව අධික මිල ගණන්වලට විකුණා ජාවාරම් කරන ලද පුද්ගලයන් 68 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදු කර ඇත්තේ මධ්‍යම පළාතෙන් බවත් වැඩිම ඉන්ධන තොගයක් අත්අඩංගුවට ගැනුණේ වයඹ පළාතෙන් බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසයි.

එම සැකකරුවන් බාරයේ තිබූ පෙට්රල් ඉන්ධන ලිටර් 8025 ක් ඩීසල් ඉන්දන ඉන්ධන ලීටර් 726 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

පොලිස්පති වරයාගේ උපදෙස් මත මෙම වැටලීම් සිදුකරන බවත් 1961 අංක 28 දරණ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත, හා 1979 අංක 34 දරන කනිජ තෙල් නිෂ්පාදනය පාලනය සැපයීම නියාමන පනත, 1887 අංක 6 දරන ඛනිජ තෙල් ආඥා පනත ආදී පනත් යටතේ ලැබී තිබෙන නෛතික තත්වය යටතේ පොලිසිය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒකාබද්ධව මෙම වැටලීම සිදුකරන බවත් හෙට දිනයේ සිට වැටලීම් වැඩි කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ලංකාවේ උද්ධමනය තවත් පහළට

Admin

දේශපාලකයන් ගැන අළුත්ගම ධම්මානන්ද මහානාහිමියෝ ඥාණසාර හිමිට කී කතාව (Video)

colombotoday

යුධ හමුදා බුද්ධි අංශයේ “ඒ එච් 94 මේජර්” බිල්ලට ගන්න NGO මාධ්‍ය මෙහෙයුමක්

colombotoday

SAITM මව්පියෝ, “පුරවැසි බලය” සෙට් වී සබරගමු සරසවි සිසුන්ට ගුටි අනී.. තුනක් රෝහලේ

colombotoday

මාධ්‍යවේදී චතුර පමුණුවගේ “බොදු මග අවුරන අදමිටු බල” හෙට එළිදැක්වේ

colombotoday

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරභූමියේ අයිතිය TNA ඉල්ලයි.. අලුතෙන් ඉතිහාසයකුත් හදාගෙන !

colombotoday