Colombo Today Local News

පිය පුතු දෙපළගේ රෙදි ගැළවෙයි.. මහ ජාවාරම් තොගයක් මාධ්‍ය හමුවේදී එළියට !

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඊයේ 22 කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව දැඩි ලෙස විවේචනය කළේය.

සෞඛ්‍ය ඇමතිවරයා සහ පුත්‍රයාගේ මැදිහත්වීමෙන් සිදුකරන දූෂිත ගනුදෙනු කිහිපයක් පිළිබදව මෙහිදි අනාවරණය කෙරුණු අතර, මෙරට ක්‍රියාත්මක වන ඖෂධ මාෆියාව සහ සෞඛ්‍ය ඇමතිවරයා අතර සෘජුවම සම්බන්ධයක් ඇති බවද චෝදනා එල්ල විණි.

2016 ඔක්තෝබර් මසදී පහත දමන ලද ඖෂධ වර්ග 48ක මිළ පසුගිය දෙසැම්බර් 14 දින යළි වැඩිකිරීමේ තීරණය පිටුපස ඇමතිවරයාට හිතවත් බාල බෙහෙත් ගෙන්වන සමාගම්වලට අධික ලාභයක් උපයා දීමේ අරමුණක් ඇතිබවද එහිදී අනාවරණය කෙරිණි.

එමෙන්ම 2016 වසරේ ඖෂධ මිළ අඩු කිරීමේදී ඇමතිවරයාගේ ප්‍රතිරූපය පුම්බා ගැනීම සදහා රජයේ මුදල් කෝටි 10ක් වියදම් කර ඇති බවත්, එම ප්‍රචාරක කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේද ඇමතිවරයාගේම සමීප හිතවතෙකුට බවද හෙළිදරව් කෙරිණි.

ඇමතිවරයා සහ පුත්‍රයා මේ රටේ අහිංසක ජනතාවගේ මුදල් මෙලෙස අමු අමුවේ වංචාකරද්දී ඒවා හෙළිදරව් කරන සිවිල් සංවිධාන මුදල් ලබා දී නම්මවා ගැනීමටත් එසේ බැරිනම් තර්ජණය කර නිහඩ කිරීමට ඔවුන් දෙපළ උත්සහා කරන බවද එහිදී ප්‍රකාශ විණි.

එම මාධ්‍ය සාකච්ඡාවට මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතාද සහභාගී විය. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් එම මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් වැඩි දුරටත් පහත පරිදිය.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/2024012694534870/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජල පහරට හසුව පුද්ගලයෙක් අතුරුදන්

Admin

උතුරේ දුප්පත් හින්දු තරුණියන් බුරුතු පිටින් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට බදවාගෙන…

colombotoday

ජපානයේ භූ කම්පනයක්

Admin

රුපියලේ අගය තවත් ශක්තිමත් වෙයි

Admin

බෝට්ටුවෙන් ආ තවත් අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මෙරටට ඇතුල් වෙයි

colombotoday

සම්පායෝ හෙට වෙනතෙක් රිමාන්ඩ්

colombotoday