Colombo Today Local News

ලබන ජනවාරියේ සිට අධිකරණ ක්ෂේත්‍රයේ සියළුදෙනාගේ පඩි වැඩි කරනවා – අධිකරණ ඇමතිනී

ලබන ජනවාරි මස පළමු වැනි දින සිට අධිකරන ක්ෂේත්‍රයේ වැටුප් වැඩිකිරීමට පියවර ගන්නා බව අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය කියා සිටී.

සියලුම විනිසුරුවරුන්ගේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ වැටුප් මෙලෙස වැඩි කිරීමට නියමිතය.

නෛතික කටයුතු, දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් කරන ලද යෝජනාවකට අනුව මෙම වැටුප් වැඩි කිරීම සිදුකර තිබේ. අදාළ වැටුප් වැඩි කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමිවී ඇති බව අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වැඩිදුරටත් පැවසීය.

Related posts

එජාප පොළොන්නරුව සංවිධායකයා රිමාන්ඩ්

colombotoday

මාස 3ක් යන්න කලින් මේ ආණ්ඩුව පෙරළනවා

colombotoday

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ 37ක් වාන්මට්ටමේ

Admin

වැඩි පිරිසකට සරසවි වරම් දෙන්න යයි

colombotoday

ලංකාවට ආ මුස්ලිම් සරණාගතයන් අපේ රටේ අය නෙවෙයි.. මියන්මාරය කියයි

colombotoday

ඇමති විජිත පළමු කැබිනට් මාධ්‍ය හමුවෙන්ම වරද්දාගෙන?

Admin