Colombo Today Local News

එස්.බී. වැටුණු අසූචි වළට අපිවත් අදින්න හදනවා – විමල්

ආණ්ඩුවේ ශ්‍රී ල.නි.ප. පළුවේ පිනට මන්ත්‍රිකම හා ඇමැතිකම් ලද ඇමැති එස්.බී. දිසානායකට අවශ්‍ය වී ඇත්තේ කලකිරීම් නැති නම් කලකිරීම් ඇති කරවා හෝ ඔවුන් වැටී සිටින අසූචි පිරුණු වළට අපවද බස්සවා ගැනීමට යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයා කලකිරීමෙන් පසුවන බවටත් ඔහු සමඟ මේ දිනවල ශ්‍රී ල.නි.පය හා සාකච්ඡා කරමින් පසුවන බවටත් ඉදිරියේදී යමක් සිදුවන බවටත් සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා එසේ පැවැසීය.

එස්.බී. ඇමැතිවරයාට මෙන්ම සිය පක්ෂයේ සමහරුන්ටද මේ අසූචි වළට තමා බස්සවා ගැනීමට වුවමනා වී ඇති බවද, සිය පක්ෂයේ සමහරුන් ඒ වළට බැස ඇත්තේ සිය ඉතිහාස වගකීමට පයින් ගසා බවද මන්ත්‍රිවරයා පැවසුවේය.

එස්.බී. ලා අප ගැන සිතන්නේද ඒ මට්ටමින් නම් මට කියන්නට ඇත්තේ එස්.බී.ට හොඳටම වැරැදි ඇතැයි කියා යැයිද හෙතෙම පැවැසීය.
ඇමැති එස්.බී. ගේ ප්‍රකාශයට වැඩිදුරටත් පිළිතුරු සපයමින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා මෙසේ කීය. එස්.බී මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැහැ. ඔබේ මට්ටමින් අනිත් මිනිසුන් ගැන නිගමනවලට එළැඹීමෙන් වළකින්න.

Related posts

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

Admin

අස්වැසුම ගන්න පෝලිමක සිටි අයෙක් ඇද වැටී මිය යයි

Admin

චන්ද්‍රිකා එජාපයෙන් යලි දේශපාලනයට…

colombotoday

අරලියගහ මන්දිරය හිස් කරන්න ඉහළම තැනකින් නියෝග… කාර්යමණ්ඩලය අද රෑ ඉවතට…

colombotoday

සංශෝධන නෑ.. VAT පනත පරණ විදිහටම එයි

colombotoday

පොලිස් කණ්ඩායම් 06ක් බදියුදීන් පසුපස පන්නයි. තවමත් සොයාගන්න බෑ…

colombotoday