Colombo Today Local News

රණවිරු දියණියගේ පැමිණිල්ල ඉවත දමා UN ලොක්කෝ සැගවෙති (Video)

මෙරට රැදවුම් භාරයේ සිටින පුද්ගලයන් හමුවී ඔවුන් සාකච්ඡා කිරීමට පැමිණි එක්සත් ජාතීන්ගේ රදවා ගැනීම් පිළිබද ක්‍රියාකාරී කණ්ඩායම මෙරට දින කිහපය සංචාරයකින් පසුව ඊයේ කොළඹදී මාධ හමුවක් පැවැත්වූවා.

රටවල් පහක විශේෂඥ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස මාධ්‍ය හමුවේදී කොටි සැකකරුවන් වෙනුවෙන් සෘජුවම පෙනී සිටිමන් කියා සිටියේ රැදවියන්ගේ පුද්ගලික නිදහසට බලධාරීන් ගරු කර නැති බවයි.

මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතාට වී ඇති අසාධාරණය සම්බන්ධයෙන් පැමිණිල්ලක් බාර දීම සදහා ඔහුගේ දියණිය එම ස්ථානයේ රැදී සිටියද ඇයගේ පැමිණිල්ල බාර නොගෙන ඔවුන් පිටත්ව ගියේය.

තම පැමිණිල්ල බාර නොගත්තේ කොටි වෙනුවෙන් කරන ලද පැමිණිල්ලක් නොවන නිසා බවද ඇය එහිදී මාධ්‍ය අමතමින් කියා සිටියාය.

ඩී.කේ.පී. දසනායක මහතාගේ දියණිය එම ස්ථානයෙන් පිටව යන තුරු මාධ්‍ය සාකච්ඡාව පැවති ස්ථානයට තුලට වි සිටි එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ඇය පිටව යෑමෙන් පසුව එම ස්ථානයෙන් එළියට පැමිණියේය.

Related posts

මෙවර අයවැයට යෝජනා දෙන්න පෞද්ගලික අංශයට අවස්ථාව

Admin

වුණේ පුංචි අත්වැරැද්දක්, නීති කැඩුවෙත් නෑ, යහපාලනේ නිසා උසාවි ගෙනිච්චා – විමල් ගැන ගම්මන්පිල කී කතාව.

colombotoday

රොහින්ග්‍යා සරණාගතයන් වැටළු අය අත්අඩංගුවට ගන්නවා – රාජිත

colombotoday

අගමැතිගෙන් සාක්ෂි විමසන්නේ නීතිපති පමණක් නම් බැඳුම්කර කොමිසමත් නාටකයක් වන ලකුණු !

colombotoday

මහනුවර සිදුවීම මෙහෙයවීයැයි සැකපිට 10ක් අත්අඩංගුවට

colombotoday

අලි සබ්රි රහීම් ට පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කමිටු තහනම්

Admin