Colombo Today Local News

දුම්රියේ පඩි වැඩි කළොත් සෞඛ්‍යත් වර්ජණයේ

දුම්රිය දෙපාර්තමේන්තුවට පමණක් වැටුප් වැඩි කළොත් වැටුප් විෂමතාවක් ඇති වී සෞඛ්‍ය සේවා වෘත්තීන් වලට අසාධාරණයක් සිදුවන බවත්, එසේ වුවොත් සෞඛ්‍ය වෘත්තීන් සියල්ල ඒක්වී වැඩ වර්ජණයකට යොමුවන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

එහි සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය පවසන්නේ, 2006 ජුනි 1 වැනිදා වන විට සෞඛ්‍ය වෘත්තීන්වලට වඩා පහළ වැටුප් තලයක සිටි දුම්රිය දෙපාර්තමේන්තුව 2015 අගෝස්තු 1 වැනිදා සිට නව වැටුප් වැඩිවීමක් ලබා ගැනීමෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අසාධාරණයක් සිදු වූ බවයි.

ඊට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා පසුගිය නොවැම්බර් 22 වැනිදා වැඩ වර්ජනයක නිරත වූ බවද හෙතෙම සඳහන් කළේය. රාජ්‍ය සේවකයන්ට වසර 10කට වරක් උසස්වීම් හිමි වුවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස්වීම් ලබාදීම වසර 5කට වරක් සිදු කරන බවත්, එම නිසා වැටුප් වැඩි කරන්නේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවට සහ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට එකවර වැටුප් වැඩි කළ යුතු බවද වැඩිදුරටත් ඔහු කියා සිටී.

හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (12දා) සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ පුංචි බොරැල්ල කාර්යාලයේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්ය.

Related posts

බස් රථ තුළ වෙළෙඳාම් කිරීම තහනම් !

colombotoday

ජනතාව සහය ලබා දුන්නොත් රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නැහැ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

colombotoday

නවගමුවේ ගල්කොරියකට ඇද වැටී තරුණයින් දෙදෙනෙක් මරුට

colombotoday

ඇමැති ජොන්ස්ටන්ගේ දුෂණ හෙලි කළ මාධ්‍ය හමුව ගැන විමසන්න CID ය මැඩිල්ලේ හිමිගේ පන්සලට.

colombotoday

ත්‍රිරෝද රථ දෙවන කිලෝමීටරයට අය කළ ගාස්තු පහළට

colombotoday

සමාජජාලා ක්‍රියාකාරීන්ට මැකො. අනතුරු අගවයි !

colombotoday