Colombo Today Local News

මන්නාරම කනත්තක අමුතු වැඩක්.. කතෝලික පූජකවරුන් 15කගේ මළ සිරුරු ගොඩ ගනී !

මන්නාරම තලෙයි මන්නාරම මාර්ගයේ පැවති කනත්ත හාරා සිරුරු 15 ක් පෙරේදා (04) සවස මන්නාරම මහේස්ත‍්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ ඉදිරිපිටදී ගොඩගනු ලැබීය.

මීට වසර 10 කට පමණ පෙර මන්නාරම පොදු සුසාන භූමියේ මිහිදන් කොට තිබු මන්නාරම කතෝලික සභාවේ කටයුතු කළ පියතුමන්ලා හා කන්‍ය සොහොයුරියන් 15 දෙනෙකුගේ සිරුරු එලෙස ගොඩගත් බව මන්නාරම පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ මන්නාරම කතෝලික සභාව අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් මත අදාළ සිරුරු ගොඩ ගැනීම සිදුකළ බවයි.

අදාළ කනත්ත කලින් කතෝලික කනත්තක් වශයෙන් පවත්වාගෙන ගොස් තිබු අතර, අනතුරුව අදාළ කනත්ත තුළ සියළු දෙනාගේ සිරුරු මිහිදන් කොට ඇති බව ප‍්‍රදේශවාසීන් පවසති.

අදාළ කනත්ත තුළ මිහිදන් කළ කතෝලික සභාවේ පියතුමන්ලා හා කන්‍ය සොහොයුරියන්ගේ සිරුරු වෙනම ස්ථාපිත කොට ඇති කතෝලික සභාවේ කනත්ත තුළ මිහිදන් කිරීමේ අවශ්‍යතාවය මත අදාළ සිරුරු ගොඩගෙන ඇති බවද මන්නාරම පොලිසිය පැවසීය.

මන්නාරම කතෝලික සභාව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මන්නාරම මහේස්ත‍්‍රාත්වරයා ඉදිරිපිට අදාළ සිරුරු ගොඩගත් බවද පොලිසිය සදහන් කළේය.

මන්නාරම පොලිසිය පැවසුවේ ගොඩගත් සිරුරු මහේස්ත‍්‍රාත්වරයා ඉදිරිපිටදීම නැවත නව කනත්තේ මිහිදන් කළ බවයි.

Related posts

මං තීරු නීතිය අන්තිම අසාර්ථකයි.. එමගින් පන්ති බේදය ඇති වෙනවා.. නීතිය ක්‍රියාත්මක වන්නේ මාර්ග තදබදය, පරිසර දූෂණය ගැන සිතා නොවෙයි – පෙරටුගාමීන්

colombotoday

නත්තල් සීයා එයි හාල් හුණ්ඩුවයි පොල් බෑයයි දී යයි

Admin

විකෘති සැර වෛරස ප්‍රභේද සෙවීමට තවත් ජෛව පටල සාම්පල් 90 ජ‘පුරට

colombotoday

භික්ෂූන් වහන්සේට මඩ ගහන්න අමීන්ගෙන් රන්ජන්ට උපදෙස්… BBC මාධ්‍ය මාෆියාවේ රෙදි ගැලවෙන තවත් හඩ පටයක් එළියට

colombotoday

වොක්ස්වැගන් ෆැක්ටරිය ජර්මනියේ හදල ඉවරයි.. ගෙනත් හයි කරන්න විතරයි තියන්නේ – ඇමති අකිල

colombotoday

ප්‍රබල ඇමතිවරයෙක් ඉන්දියාවට රත්‍රං විකිණීමේ ජාවාරමක

colombotoday