Colombo Today Local News

“මොරගහකන්ද හදා මම මැජික් පෙන්නුවා..” ජනපති ජලාශ වේල්ල මත සිට කියයි (Video)

මොරගහකන්ද ජලාශය විදුලි බල උත්පාදනය ස ඳහා ද දායකකර ගනිමින් එහි පරීක්ෂණ කටයුතු සදහා ජලය නිකුත් කිරීම ඊයේ (02දා) දහවල් යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා එම කටයුතු නිරීක්ෂණය කළ අතර, අනතුරුව විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීම පරීක්ෂා කිරීම සදහා ජලය නිකුත් කිරීම සිදු කරන ලදී. ඉන් අනතුරුව ජලාශ පරිශ්‍රය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේය.

‘මේ දර්ශණය දකින්නෙ කවදද කියල තමයි මගේ ඔළුවෙ තිබුනේ. 1994දී මං නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලෙ අපි ගියා රන්දෙනිගල, රන්ටැඹේ බලන්න.

ඉන්ජිනියර් කියල තිබුන තව දවස් දෙක්ක යනකොට ස්පිල් කරනවා රන්දෙණිගල වික්ටෝරියා. ඒ හින්දා ඔක්කොම එකට යනවා කියල. මම හුගාක් වෙලා බලාගෙන හිටිය.

ඒ ඉවරවෙලා මාසෙකින් දෙකකින් මැතිවරණය තිබුණ. මට හොදට මතකයි යූඑන්පී එකේ රැුස්වීමක් තිබුන පොලොන්නරුව ටවුන් එකේ.

ආර්.ඒ.ඞී. සිරිසේන කතාවක් පවත්වනවා. මං එහා පැත්තෙ ගෙදරක ඉදන් ගස්වීම අහනවා. ඉතින් එදා කියනවා මෙයා නියෝජ්‍ය ඇමති වෙලා මෙයා මැජික් බලන්න ගියා. ගාමිණි දිසානායකලා අපි එකතුවෙලා කරපු මහවැලිය වික්ටෝරියා, රන්දෙණිගල මෙයා බලාගෙන හිටියා. එයාට ඒක මැජික් එකක්.

ඉතිං මං සතුටු වෙන්නෙ ඒ මැජික් එක මටත් පෙන්වන්න පුළුවන් වුණා’ යයි ජනාධිපතිවරයා මොරගහකන්ද ජලාශයේ වේල්ල මතදී කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1753411144719136/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

ලක්ෂයට අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොළී ආදායමෙන් රඳවා ගැනීමේ බද්ද ඉවතට

Admin

ජීවිකාව පිණිස ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නොවේ – අධිකරණ නියෝගයෙන් චූදිත කත නිදහස් !

colombotoday

බෝධිසත්වයෙකු වෙස් ගත් පුද්ගලයාට විදෙස් ගමන් තහනමක්

Admin

උසස් පෙළ විභාගයට යමින් සිටි පෙම්වතියට ඇසිඩ් පොවන්න ගිය නරුම පෙම්වතාටත් ඇසිඩ් පහර

Admin

ඇල්පිටිය ප්‍රා. සභාවේ ධූර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

Admin

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගනී

colombotoday