නාරම්මල පහමුණේ ප්‍රදේශයේ දී කාර් රථයක් යොදා ගනිමින් යතුරුපැදි දෙකක් යටකර එක් යතුරු පැදිකරුවෙකු කපාකොටා ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව නාරම්මල පොලිසිය පවසයි.
එම පුද්ගලයා පාපොච්චාරණය කරමින් සඳහන් කර ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයා තම බිරිඳගේ අසභ්‍ය ඡායාරූප එවමින් අපහාස කිරීම නිසා ඝාතනය සිදු කළ බවයි.
කාර් රථයෙන් පැමිණි පුද්ගලයා සහ යතුරුපැදි වලින් පැමිණි පුද්ගලයන් කවදාහෝ හමුවන ලෙස අභීයෝග කරගෙන තිබී ඇති අතර රඹාවැව නාරම්මල මාර්ගයේ පහමුණේ ප්‍රදේශයේ දී එකිනෙකා හමුවීමත් සමග මෙම ඝාතනය සිදුව තිබේ.