Colombo Today Local News

මගේ අමාත්‍යාංශය යටතේ තිබූ පොල් සමාගම් දෙක ඇමති කබීර් හෂීම් පවරාගෙන – නවීන් දිසානායක

තම අමාත්‍යාංශය යටතේ තිබූ කුරුණෑගල හා හලාවත පොල් සමාගම් දෙක මේ වන විට කබීර් හෂීම් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට පවරාගෙන ඇති බවත් එම සමාගම් දෙක තමන් යටතේ පැවතියේනම් මේ වනවිට වෙළඳ පොලේ පවතින පොල් හිගයට විසඳුම් ලබාදීමට හැකියාව තිබූ බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවති පොල් මිල ඉහළ යෑම පිළිබඳව හා තේ ක්‍ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍ය හමුවේදී ඔහු මෙ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක අමාත්‍යවරයා…

“මීට පෙර මගේ අමාත්‍යාංශය යටතේ පැවැති කුරුණෑගල හා හලාවත පොල් සමාගම් දෙක මේ වන විට කබීර් හෂීම් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට පවරාගෙන තිබෙනවා. ඒ සමාගම් දෙකේ පොල් නිෂ්පාදන අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් මේ වනතුරුත් ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැහැ. ඒ අය ජනතාව ගැන නොසිතා තම ලාභය ගැන පමණක් සිතා කටයුතු කරනවා. ඒ අයගේ සම්පූර්ණ පොල් නිෂ්පාදන අපට ලබාදෙනවා නම් මේ පොල් ප්‍රශ්නයට ඒක විසඳුමක්.

යම් හදිසි අවස්ථාවකදී ඒ පිළිබඳ අදාළ විෂයභාර අමාත්‍යවරයාට යම් යම් පියවර ගැනීම සඳහා බලයක් තිබිය යුතු නමුත් ඒ සම්බන්ධයෙන් නිසි කඩිනම් පියවර ගැනීමට මට අවකාශයක් නැහැ. සාමාන්‍යයෙන් රටක වෙළෙඳපොළේ යම් භාණ්ඩයක් හිඟයි නම් ඊට අදාළ අමාත්‍යවරයාට පාරිභෝගික අවශ්‍යතාව මත ඒවා පිටරටින් හෝ ගෙන්වීමට බලය තිබෙනවා. එහෙත් එම බලය මට නැහැ.” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව් දෙනාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන විකල්ප ගෝත්‍ර ඇඹිටිල්ලෝ

colombotoday

ඊළම දකුණු පළාත දක්වා දිගුවෙයි.. කොටි සමරන්න අවසර දෙන්නැයි රජයෙන් ඉල්ලයි

colombotoday

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

colombotoday

අභියෝග එල්ල වූවත් ගොවි නිෂ්පාදන ආනයනය තහනම් කළ තීරණය ආපස්සට ගන්නේ නැහැ – ජනපති ගෝඨාභය

colombotoday

හමුදා කදවුරු 64ක් නැගෙනහිරින් ඉවතට !

colombotoday