තමන් කිසි දිනෙක අර්ජුන් ඇලෝසියස්ව හමුවී නොමැති බවත්, ඔහුව කිසිසේතම නොහදුනන බවත් නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
බැදුම්කර වංචාව පිළිබදව කෝප් කමිටු පරීක්ෂණ සිදුවන අතරතුරදී එම වංචාවට සෘජුවම චෝදනා ලබා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් විසින් කෝප් කමිටු සාමාජිකයන්ට ලබාගත් දුරකථන ඇමතුම් පිළිබදව දත්ත වාර්තාවක් රහස් පොලීසිය විසින් ඊයේ (16) බැදුම්කර විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් කෙරිණි.
එම කෝප් කමිටු සාමාජිකයන් අතර නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාගේ ද නම සදහන්ව තිබිණි.