Colombo Today Local News

ව්‍යවස්ථා සම්පාදනය පස්සට දමා 13 බලාත්මක කිරීමේ තැතක් – මහා සංඝරත්නය නැවතත් අනතුරු අගවයි

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට නොහැකිවුවොත්, පළාත් සභාවල බලතල වැඩිකරන මුවාවෙන් 13 වන සංශෝධනය බලාත්මක කිරීමට ආණ්ඩුව සැරසෙන මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් කියා සිටී.

උන් වහන්සේ මේ බව කියා සිටියේ මහජන රාජ්‍ය සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මදකට කල් දමන බවට අගමැතිවරයා ප්‍රකාශයට පත් කළත්, මතුව එන මහජන විරෝධය නිසා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ආපස්සට ගැනීමට ආණ්ඩුව තීරණය කළා යැයි නොසිතිය යුතු බවත්, වෙනත් යෝජනා ඔස්සේ 13 වැනි සංශෝධනය බලාත්මක කරගැනීමේ කූට උත්සාහයක් ඇති බවද උන් වහන්සේ පෙන්වා දුන්නේය.

13 සංශෝධනය බලාත්මක කිරීමෙන් ඉඩම්, පොලිස් බලතල පළාත්සභාවලට පැවරීම හා, ආණ්ඩුකාරවරයා නාමික තනතුරක් බවට පත් කිරීමෙන් පමණක් වුවද බෙදුම්වාදීන්ගේ අරමුණු ඉටුවන බවත්, රටට ආදරය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම උත්සාහය පාරජය කිරීමට කටයුතු කළ යුතු යැයිද උන්වහන්සේ පවසා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/MahajanaRajyaSabhawa/videos/2001565566726648/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

රවීගේ කැබිනට් පත්‍රිකාවෙන් රජයට පාඩුව කෝටි 1500යි.. FCID පරීක්ෂණ නෑ…

colombotoday

සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු පැතිරවූ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

තව පෝය දෙක තුනයි… මහින්ද ආණ්ඩුවට දින වකවාණු දෙයි (Video)

colombotoday

මහින්දගේ කඩේට වඩා යහපාලන කඩේ බඩු සවුත්තුයි – ජවිපෙ හදුන්නෙත්ති කියයි

colombotoday

ජනපති ගෝඨාභයගේ ප්‍රකාශය අපි සතුටින් භාරගන්නවා – TNA සැර බාල වෙයි

colombotoday

“එක්නැලිගොඩ කොටියෙක් නෙවෙයි” පොලීසිය කියයි – බුද්ධි බළකා රණවිරුවන් නැවතත් සිරගෙට

colombotoday