Colombo Today Local News

නව ව්‍යවස්ථාව ගැන අන්තර්ජාල ජනමත විමසුමක් එයි !

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු වාර්තාව සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ ජනතාවගේ අදහස් ලබා ගැණෙන ජනමත විමසුමක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව රජය මෙම තීරණය ගෙන ඇති අතර, මෙම මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවට අදාළව පස් දින විවාදය අනිද්දා (8) නිමා කිරීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ වබේ අඩවි සහ ෆේස්බුක් ඔස්සේ මෙම ජනතා අදහස් ලබා ගැනීමේ මත විමසුම ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඒ අනුව වබේ අඩවි හා ෆේස්බුක් ඔස්සේ පළ කරන ලද “වෙබ් කමෙන්ට්” මගින් මෙරට මෙන්ම විදෙස් රටවල ද සිටින ශ්‍රී ලාංකිකයන්ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවන බව රජය පවසයි.

ආසියා පැසිෆික් කලාපයේ රටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සඳහා මෙලෙස අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ජනතාවගේ අදහස් විමසන ප්‍රථම අවස්ථාව මෙය බව ද රජය පවසයි.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ ලැබෙන යෝජනා සුදුසු පරිදි සකස් කර සංස්කරණය කිරීම සඳහා තරුණ වබේ හා ෆේස්බුක් ක්‍රියාකාරීන්ගේ දායකත්වය ගැනීමේ වැඩපිළිවෙලක් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිරි දින කිහිපය තුළදී ආරම්භ කිරීමට නියමිතව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ලැබෙන සියලු වැදගත් යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සියලු සාමාජිකයන්ගේ අවධානය සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් ද අගමැතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත ය

Related posts

අද රටේ බුද්ධි අංශ අඩපණ වෙලා.. ඉදිරියේදී භයානක තත්ත්වයක් ඇතිවිය හැකියි – මේජර් ජනරාල් කමල් ගුණරත්න

colombotoday

ආණ්ඩුව නොහැකියාව වසා ගැනීමට සිංහල-මුස්ලිම් අසමගියෙන් ප්‍රයෝජන ගන්නවා

colombotoday

සමගිපුර මහල් නිවාසයේ තුන්වන මහලෙන් විසි කළ දරුවෙක් මරුට

Admin

බන්ධනාගාරයෙන් දැන් ශීතකරණත් මතුවෙලා

colombotoday

වසර හතකට පසු සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මුදාගත් නෞකාවක්

Admin

රේගු බහාලූම් අංගනයක මහා පරිමාණ කහ සොරකමක්

colombotoday