Colombo Today Local News

සරණාගතයන් කියාගෙන ආ තවත් පාකිස්ථානුවන් 13ක් කටුනායකින් මෙරටට ඇතුල් වේ !!

පාකිස්ථානයේ සිට අද (17) අළුයම 4ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටපළ වෙත පැමිණි ගුවන් යානයකින් සරණාගතයන් යැයි හදුන්වාගත් 14 දෙනෙකුගෙන් යුත් පාකිස්ථානුවන් පිරිසක් මෙරටට ඇතුළු වී තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

මීටපෙර අවස්ථා කිහිපයකදී ද නියමිත වීසා බලපත්‍ර නොමැතිව මෙරටට ඇතුළුවීමට උත්සහා කළ පාකිස්ථානු ජාතිකයන් කිහිප දෙනෙකු මෙරට ආගමන විගමන නිලධාරීන් විසින් යළි හරවා යැවුණු බවට වාර්තා පලවී තිබුණා.

කෙසේ නමුත් අද පැමිණි පිරිස නැවත හරවා යැවීමක් සිදුකර නොමැති අතර ඔවුන්ට මෙරටට ඇතුළුවීමට අවසර ලබාදී ඇත්තේ කුමන පදනමකින්දැයි යන්න ප්‍රශ්නාර්තයක් මතුවනවා.

ආගමික ත්‍රස්තවාදී කණ්ඩායම් බහුල පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය ඇතුළු මැදපෙරදිග රටවලින්, මෙරටට සංක්‍රමණය වීම් මේ වන විට ඉහළ ගොස් ඇති අතර, එලෙස සංක්‍රමණය වූ විවිධ මූලධර්මවාදී ආගමික කණ්ඩායම්වල පුද්ගලයන් තාවකාලික වීසා කාලසීමාව ඉක්වූ පසුවත් අනවසරයෙන් මෙරට රැදී සිටිමින් මුස්ලිම් සමාජය තුළ බිහිසුණු අන්තවාදී ආගමිත මතවාදයන් ප්‍රචලිත කරමින් සිටින බවට තොරතුරු අණාවරණය වි තිබෙනවා.

රජයේ නිල වාර්තා අනුව මේ වන විට සරණාගතයන් ලෙස පැමිණි පාකිස්ථානු ජාතිකයන් 1037 දෙනෙකු මෙරට රැදී සිටින බව සදහන් වේ.

පාකිස්ථාන් අන්තාවදීන් රොත්තක් රටට ඇතුල් වේ.. කලින් හරවා යැව්වත් රාජ්‍යතාන්ත්‍රික වීසා අරන් අපහු ඇවිත් !

 

අනවසර සංක්‍රමණිකයෝ බුරුතු පිටින් ඇවිත්.. අන්තවාදී ආගම් ප්‍රචාරයේ !! (Photo)

 

 

 

 

Related posts

කොරෝනා පැතිරුණොත් පාලනය අපහසුයි – සෞඛ්‍ය ඇමතිනියගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 180ක් – කොටුව පොලිසියත් තාවකාලිකව වසා දමයි

colombotoday

“ශ්‍රීලනිපය එජාපය හා එක්ව සිටීම රටට අහිතකරයි” SB

colombotoday

විජයදාස පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නෑ

colombotoday

සජිත් ආගමනය නැවැත්වීමට රනිල්ගෙන් තුරුම්පුවක්… මහින්ද සමග අගමැති සටනට එජාපයෙන් මෛත්‍රී වික්‍රමසිංහ…

colombotoday

NTJ සහ JMI තහනම් ගැසට්ටුව තාම නෑ… සමාජ ජාලා බ්ලොක්, ජනපති රට යයි….

colombotoday