Colombo Today Local NewsExclusive :

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි.. බලධාරීන් මර නින්දේ (Photo)

අඩක් පමණ විනාශ කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුධීන් විසින් මුස්ලිම් ජනතාව පදිංචි කරන ලද විල්පත්තුව අභය භූමිය අවසන් හුස්ම හෙළමින් සිටියි. පසුගියදා මාධ්‍යවේදීන් පිරිසක් කල අසීරු සංචාරයක් අවසන් කරමින් මුහුණු පොතේ සටහනක් තබමින් ඡායාරූප කිහිපයක් ද අන්තර්ජාලයට එක්කර ඇත.

මුහුණු පොතේ සටහන පහත දැක්වේ.

වදින තැන්වලට වදින්න – රිදෙන තැන්වලට රිදෙන්න (විල්පත්තු අභයභූමියට අඹ සරණයි)

දේශපාලන අර්බුධයක් වන මෙය ජාතික ප්‍රශ්ණයක් සේ නොසලකන්න….

රිසාඩ් බදියුදීන් ඇමතිවරයට අප එකගවෙන්නේ, ඔහු තම ප්‍රජාව වෙනුවෙන්,අභය භූමියක් හරි විනාශ කොට,හිසට සෙවනක් ලබා දෙන නිසාවෙනි.

එහෙත්, මහ ජාතියයැයි කියා ගන්නා දේශපාඥයින්ගෙන් කීයෙන් කීදෙනා ද මිනිහෙක්ගේ හිසට සෙවනක් දෙන්නේ.

මන්නාරම දිස්ත්‍රික්කයේ සිටින සුළු ජාතිකයින් වෙනුවෙන් ද පෙනී සිටින්නේ රිසාඩ් අමාත්‍යවරයාය. ඔවුන් බීමට ජලයවත්, ළමුන්ගේ අධ්‍යාපනය සදහා පාසැල් ද නැත. නමුත් ඔවුන් රිසාඩ් වෙනුවෙන් පෙනී සිටින්නේ එහි කිසිම මහ ජාතිය නියෝජනය කරන දේශපාඥයෙකු ඇසහැර නොබැලීම හේතුවෙනි.

එහෙන්ම, විල්පත්තු අභයභූමිය තුල නිර්මාණය වී ඇති ගම්මානයේ වර්තමානය වන විට ඡායාරූපයක් ගැනීමටවත් එහි සිටින්නන් අවස්ථාව ලබා නොදෙයි.

එම ප්‍රදේශයේ යම් අයෙකු ඡායාරූපයක් ලබා ගැනීමට වාහනය නැවැත් වූ වහාම, එය තත්පර කිහිපයක් තුළ කොළඹට වාර්තාවීමට තරම්ම සහ අර්බුධ නිර්මාණය වීමට තරම්ම ඔවුන්ගේ සන්නිවේදන ජාලය ද ප්‍රභලය.

නමුත් මේ දෙස බලා සිටින්නන් ද පිරිසක් ද සිටියි, ඔවුන් ඒ පිළිබදව වීමසීමකට හෝ ජනතාව දැනුවත් නොකරන්නේ ඔවුන්ගේ අතපය බැදදමා හමාරවීම හේතුවෙනි.

ඉකුත් දේශපාලනයේ දායදයක් වන විල්පත්තු වන විනාශය, වත්මන් දේශපාලනයේ ආශිර්වාදයෙන් තවදුරටත් සිදුවෙමින් පවතියි.

අවසාන වශයෙන් පැහැදිලි වන කාරණය නම්, තවත් වසර 05ක ඇවෑමෙන් විල්පත්තු අභය භූමියට අඹ සරණයි යන්න පමණකි.

බුද්ධියේ විමසුමට – ජූරිය ඔබයි

තව දුරටත් ශූන්‍ය වෙමින් පවතින විල්පත්තු අභයභුමියේ වත්මන් තත්ත්වය ගුවනට පෙනෙන අයුරු…

Related posts

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin

සීනි බද්ධ කළායි මං දැනගත්තේ අභයාරාම පන්සලේ ඉද්දි – ඇමති බන්දුල කියයි

Admin

අසේල සම්පත් අද අධිකරණයට. “මල්ලිට පහර දුන්නා” දියණිය කියයි. “නොමිලේම නීතිඥ සහය දෙනවා” විපක්ෂ නායක කියයි.

colombotoday

තවත් රක්ෂිතයක් විනාශ කරලා – නිලධාරීන්ගෙනුත් උදව් ලැබෙන බවට චෝදනා

colombotoday

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි !

colombotoday

සංවිධාන 11 ක් තහනම් කලද ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට “කිලාෆත්” නිකුත් කළ ජමාතේ ඉස්ලාම් තහනම් කර නෑ.

colombotoday