Colombo Today Local News

කොටි බුද්ධි අංශ නමින් වව්නියාවේ පෝස්ටර් ඇලවෙයි (Photo)

එල්. ටි. ටි.ඊ. සංවිධානයේ බුද්ධි අංශය නමින් ඊයේ (29) රාත‍්‍රියේ වව්නියාව නගරයේ පෝස්ටර බෙදා හැරීමක් සිදුකොට ඇති බව වව්නියාව ආරක්ෂක අංශ පවසයි.

වව්නියාව ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ වව්නියාව කුරුමන්කාඩුව ප‍්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ අදාළ දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදුකොට ඇති බවයි.

දෙමළ විමුක්ති කොටි නමින් වන ශිර්ෂය යටතේ දැන්වීම් පත්‍රිකා බෙදා හැර ඇති අතර එල්.ටි.ටි.ඊ සංවිධානයේ බුද්ධි අංශ, දෙමළ කාන්තාවන් වැරදි සිදු කරන්නේද යන්න නිරීක්ෂණය කරමින් සිටින බව එහි සඳහන්ව තිබෙන බවයි පැවසෙන්නේ.

දෙමළ කාන්තාවන් සිංහල පුරුෂයන් සමග සම්බන්ධ නොවිය යුතු බවත්, සංවරව හැසිරිය යුතු බවත් එලෙස නොවන්නේ නම් එල්. ටී. ටී. ඊ. බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවද එහි වැඩි දුරටත් සඳහන් කොට ඇති බව ආරක්ෂක අංශ පවසයි.

සොයාගත් පෝස්ටර් වව්නියාව පොලිසිය වෙත භාරදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

ආසාදිතයින් සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළට

colombotoday

අන්තරේ පා ගමනක්

colombotoday

ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීමට දින නියම වෙයි

colombotoday

ජනපතිගේ වැඩ ගැන කියමින් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයින් පිරිසක් රැගෙන එයි

colombotoday

නිරුපමා රාජපක්ෂ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු ලැයිස්තුවට. – වහාම පරීක්ෂණයක් කර වත්කම් රාජසන්තක කරන්නැයි ඉල්ලීමක්.

colombotoday