Colombo Today Local News

අනවසර ගබ්සා පෙති 16.930 ක් කටුනායකදී අත්අඩංගුවට !

රුපියල් ලක්ෂ 23ක් වටිනා නීතිවිරෝධී ගබ්සා පෙති 16.930ක් රැගෙන ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී රේගුව මගින් ඊයේ (29) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දින රාත්‍රී 10.20 ට පමණ ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මොහු කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “ග්‍රීන් චැනල්” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යෑමට තැත් කිරීමේ දී ඔහුගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබී මෙම බෙහෙත් පෙති තොඟය රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම බෙහෙත් පෙති “මිසෝප්‍රොස්ටල්” (Misoprostol) නමින් හඳුන්වන බෙහෙත් පෙති වර්ගයක් වන අතර , එම බෙහෙත් පෙති කොළඹ කොටුව සහ මරාදාන ප්‍රදේශවල තෝරාගත් ඖෂධ වෙළෙඳ සැල් වෙත සහ ගබ්සා මධ්‍යස්ථාන වෙත හොර රහසේ අලෙවි කිරීම සඳහා රැගෙන ආ ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ චින්තක කුළරත්න මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම බෙහෙත් පෙති තොඟය රාජසන්තක කර , මෙම ඉන්දීය ජාතික ගුවන් මඟියාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.

Related posts

තවත් පුරාවිද්‍යා රක්ෂිතයක් ඩෝසර් කර බිමට සමතලා කර දමයි..

colombotoday

ඤාණසාර හිමියන් සිරගතවූයේ පාලකයන්ගේ වරදින් – ඤාණසාර හිමියන් සිරගත කිරීම පිළිබද හෑගොඩ විපස්සි හිමියන් සිදුකල ප්‍රකාශය

colombotoday

මීළඟ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාබය නොවෙයි.

colombotoday

කොටුව පොලිසියේ නිලධාරියෙක්ට කොරෝනා – කටුනායක කම්හල් දෙකක තවත් 60කට වෛරසය ආසාදනය වෙයි

colombotoday

අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න අමාරුයි

Admin

වයිරසය ආසාදනය වූ අයෙකුගේ පවුලේ සාමාජිකයන්ටත් කොරෝනා

colombotoday