තම පක්ෂය 2020දී මෙරට ආණ්ඩු බලය ගැනීමට සූදානම් යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මේ වන විටත් ඒ වෙනුවෙන් වැඩපිලිවෙලක් සකස් කර අවසන් බව එම පක්ෂ නායක අනුර දිසානායක මහතා පැවසුයේ මාවනැල්ල ප්රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.
2020 පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයයි.
ඒ අනුව එම වසරේදී ජවිපෙ පිහිටුවන ආණ්ඩුවේ ජනාධිපතිවරයා අනුර දිසානායක හා අගමැතිවරයා ටිල්වින් සිල්වා වීමේ වැඩි ඉඩක් ඇත්තේ දැන ජවිපෙ ඉහලම තනතුරු දරන්නේ ඔවුන් වීම නිසාය.