Colombo Today Local News

ආණ්ඩුවේ ඉන්නවද? යනවාද? ශ්‍රීලනිප තීරණය දෙසැම්බරයේ !

ලංකා නිදහස්‌ පක්‍ෂය ආණ්‌ඩුවේ කොටස්‌කරුවකු ලෙස තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය පක්‍ෂ දෙකේ ගිවිසුම්ගත කාලය අවසන් වූ පසු මධ්‍යම කාරක සභාව රැස්‌වී තීන්දු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එජාපයත් ශ්‍රීලනිපයත් එකට එක්‌වී ජාතික ආණ්‌ඩුවක්‌ ලෙස කටයුතු කිරීම පිළිබඳව 2015 අගෝස්‌තු මස අත්සන් කරන ලද ගිවිසුමේ සඳහන් කාලය මේ වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් වීමට නියමිත බවත් ඉන් අනතුරුව මධ්‍යම කාරක සභාව රැස්‌වී අදාළ තීරණය ගන්නා බවත් ජනාධිපතිවරයා පැවැසීය.

ඒ අනුව 2017 දෙසැම්බර් මාසය තෙක්‌ ශ්‍රීලනිපය ආණ්‌ඩුවේ කොටස්‌කරුවෙකු ලෙස කටයුතු කරන බවත් අනතුරුව මධ්‍යම කාරක සභාව ගන්නා තීරණයට අනුව ඉදිරි කටයුතු සිදුකරන බවත් ජනාධිපතිවරයා කීය.

තවදුරටත් ආණ්‌ඩුවේ ඉන්නවාද ඉවත් වෙනවාද නොඑසේ නම් ආණ්‌ඩුවෙන් ඉවත් වී ස්‌වාධීනව කටයුතු කරනවාද යන්න පිළිබඳව ගන්නා තීරණයේදී ආණ්‌ඩුවෙන් ඉවත් වීමට තීරණය කළහොත් එය ආණ්‌ඩුවට එරෙහි වී කටයුතු කිරීමට ගන්නා තීරණයක්‌ නොවනු ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති නිල නිවසේදී පසුගියදා මාධ්‍යවේදීන් පිරිසක්‌ සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එසේ පැවැසීය.

Related posts

නිල රාජ්‍ය සංචාරයකට චීන විදේශ කටයුතු ඇමැතිත් ජුනි මාසයේදී මෙරටට

colombotoday

මහින්දගේ කාර්යාලය අසල ගැවසුණු සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

දඩුලේනුන් නිසා පොල් මිල ඉහළ යා හැකියි

Admin

ඩොලර් මිලියන ගණනක් රටට ගෙනා ගෝඨාභය මල් මාලා දමා පිළිගත යුතුයි – ඇවන්ගාඩ් සුලමුල හා අනුරගේ ඩබල් ගේම් ගැන විමල් කියයි.

colombotoday

රෝහලේ යකා නැටූ නි. ඇමති තෙවරප්පෙරුමට එරෙහිව දොස්තර සංගමය අවි අමෝරයි

colombotoday

අත් සහ කට ගැට ගැසූ නාඳුනන මළ සිරුරක් මිනිස් අස්ථි කොටස් හමු වූ කැටකැරැල්ල පාලම අසල

Admin