Colombo Today Local News

දකුණ, කටුනායක, පිටරවුම් අධිවේගී මාර්ග තුනම චීනයට විකිණේ.. කැබිනට් පත්‍රිකාව මේ සතියේ

පිවිතුරු හෙල උරුම මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

විකුණා ගෙන කෑම සිය ජීවිතය කර ගත් වත්මන් ආණ්ඩුවේ අළුත්ම ගොදුර වී ඇත්තේ අධිවේගි මාර්ග තුන. කටුනායක, දක්ෂිණ සහ කොළඹ පිට වට රවුම් යන අධිවේගි මාර්ග තුනම අධිකාරියකට පවරලා ඒ හරහා ඩොලර් මිලියන 600කට චීනයේ ෂැංඩොංග් කියන සමාගමට විකිණීමට සියල්ල සූදානම්. නෑ නෑ අපි විකුණන්නේ නෑ වසර 35කට බදු දෙනවා කියලා කියාවි. වසර දහයකට වඩා බදු දෙනවා නම් එය විකුණුමකට සමාන බවටයි තක්සේරු කිරීමේ දී සලකන්නේ.

මේ සතියේ ඇමති මණ්ඩල රැස්වීමට මේ පිළිබඳ ඇමති මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ පිළිබද පසුගිය ඇමතිමණ්ඩල සාකච්ඡාවෙදිත් අවධානය යොමු උනා. එතනදී විශ්‍රාමික දේශප්‍රේමි ඇමතිවරයෙකු හොඳ යෝජනාවක් කරලා. අධිවේගි මාර්ග තුන විකුණනවා කීවාම ලොකු විරෝධයක් සමාජයේ නැගෙනවා. ඒ නිසා අපි අළුතින් අධිකාරියක් හදලා ඒකට අධිවේගි මාර්ග පවරලා ඒකෙන් කොටස් ප්‍රතිශතයක් විතරක් චීනෙට විකුණමු කියලා. මොන වෙස් මුහුණ බැන්දත් අපි මේ විකිණීමට විරුද්ධයි.

මෙහෙම විකුණා ගෙන ගිහින් අන්තිමට මේ රටේ මොනවාද ඉතිරි වෙන්නේ? අන්තිමට ණයට හිලව් වෙන්න විකුණන්න ඉතිරි වෙන්නේ මේ රටේ අහිංසක ජනතාව විතරයි. එදාට අප්‍රිකානුවන් වහල් කමට ඇමෙරිකාවට විකුණුවා වගේ තමුන්නාන්සේලාව අපිව පිටරටට විකුණාවි. ඒ දිනය උදා වෙන තුරු බලා නොසිට මේ විකිණීමට එරෙහිව පාරට බහින්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නාට්‍යයක් ගැන පාර පුරා පෝස්ටර් අලවලා තිබෙනවා මම පසුගිය දවසක දැක්කා. ඒකේ නම “කන්නයි ආවේ – කාලා තමයි යන්නේ“. අත්තටම බැලුවහම මේක වේදීකාවේ රග දක්වන නාට්‍යයකට වඩා ආණ්ඩුව විසින් මාධ්‍ය හරහා රග දක්වන්නේ මේ නාට්‍යය තමයි. මට පේන්නේ අපි හැමෝම මාධ්‍ය හරහා දකින්නේ ඒ නාට්‍ය තමයි. ඇමති මණ්ඩලය තමයි මේ නාට්‍යයේ රඟ පාන්නේ. අපි කට ඇර ගෙන නාට්‍ය දිහා බලගෙන ඉන්නා අතරේ අපිවත් හොඳ ගාණකට විකුණලා දාන තුරු අපිම දන්නේ නෑ.

– අරවින්ද අතුකෝරල

Related posts

රේගුවෙන් කහ කිලෝ ග්‍රෑම් 33,000ක් පැන්නූ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

කෙහෙලිය ගෝ ගම සංවිධායකයින් අත්අඩංගුවට

Admin

අධිකරණ තීන්දුව නිසා ගුවන්තොටුපලේ දිගු පෝළිම්

Admin

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක්

colombotoday

රතන හිමිගේ කුමන්ත්‍රණයට හසුවූ විමල්,වාසු ගම්මන්පිලට අමාත්‍යධුර අහිමි වෙවිද ?

colombotoday

අර්චුනා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

Admin