Colombo Today Local News

හිටපු කොටි නායකයෙක් වෙනුවෙන් ස්මාරකයක්.. උතුරු පළාත්සභාවේ යෝජනාව සම්මත වේ !

එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් උපවාස කොට ජිවිතක්ෂයට පත්වු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ නායකයෙකු වු ආර්. ප්‍රදීපත් නොහොත් අමිර්තලිංගම් දිලීපන් වෙනුවෙන් සැමරුම් ස්මාරකයක් ඉදිකිරීමට උතුරු පළාත් සභාවේ යෝජනාවක් සම්මත වී තිබේ.

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් යෝජනා කර ඇත්තේ උතුරේ ජනතාවගේ ස්වාධීනත්වය වෙනුවෙන් දිවිදුන් අයකු සේ සැලැකෙන දිලීපන්ගේ ස්මාරකය යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඔහු මියගිය ස්ථානයේ ඉදිකිරීමටය.

පසුගිය පළාත් සභා සැසි වාරය පැවැත්වු අවස්ථාවේදී පළාත් සභා සභාපති සි.වි.කේ.ශිවඥානම් මහතා විසින් පළාත් සභාව වෙත අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් ඊට එකඟතාවය පළකර ඇත.

Related posts

‘ජෙමිනොයිඩ්’ උල්කා වර්ෂාව අදත්

colombotoday

හල්දුම්මුල්ල කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශයට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

colombotoday

අනුරට මැකොගෙන් පොල්ලක්!

Admin

වාහන ආනයනයට රජයෙන් සම්බාධක පනවයි… සියළු වාහන මිල ලක්ෂ 2-3කින් ඉහළට..

colombotoday

ක්‍රීඩා ඇමැතිට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

Admin

සහරාන් හෂීම් යටතේ අන්තවාදී පන්ති සංවිධානය කල මොහොමුදු විසීර් අත්අඩංගුවට

colombotoday